ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    උත්සව සමය නිමා වීමත් සමඟ බෝ නොවන රෝග අවදානම වැඩි වේ

    අප්‍රේල් 18, 2015

    සිංහල දෙමළ අලුත් අවුරුදු උත්සවය නිමා වීමත් සමඟ රුධිර පරික්ෂාවක් සිදු කරගැනීම යෝග්‍ය බව බෝ නොවන රෝග අවදානම පිළිබඳව අවධාරණය කරමින් සෞඛ්‍ය අමාත්‍යංශය ප්‍රකාශ කරයි.

     

    නිවැරදි ආහාර රටාවන් අනුගමනය නොකිරීම හේතුවෙන් යටපත් වී පවතන යම් යම් රෝග තත්වයන් යළි මතුවීමට ඉඩකඩ ඇති බැවින් මේ පිළිබඳව අවධානය යොමු කිරීම සුදුසු වේ.

     

    රෝගයක් බෝවීම අපට වළක්වා ගත නොහැකි නමුත් බෝ නොවන රෝගයක් වැළඳීම නම් අපට අනිවාර්යෙන්ම වළක්වා ගත හැකියි. බෝ නොවන රෝගවලට ප්‍රධානතම හේතුව තුන් ආකාරයකට දැක්විය හැකියි. ආහාර රටාවේ වෙනස්කම් (විශේෂයෙන් ලුණු, සීනි, තෙල් හා පිෂ්ඨය අධික ආහාරවලට යොමු වීම), ව්‍යායාම් නොමැතිකම, දුම්පානය සහ මත්පැන් පානය මෙයට මූලික හේතු සාධක බවට පත්වී තිබේ.

     

    උත්සව සමයේ මේ කරුණු තුනම හේතුවෙන් බෝ නොවන රෝග අවදානම වැඩි වේ. එම නිසා අද හෙටම රුධිරයේ සීනි/කොලෙස්ටරෝල් රුධිර පීඩනය උස - බර ආදිය පරීක්ෂා කර ගෙන ඊට සුදුසු පිළියම් යෙදීමෙන් සිය සෞඛ්‍ය තත්වය යථා තත්වයට ගෙන සෞඛ්‍යාරක්ෂිත දිවියක් ගෙවීමට අප රටේ මිනිසුන් උත්සුක වන්නේනම් යෙහෙකි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya