ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    වවුනියාවේ අවතැන් වූ අවසන් පිරිසත් යළි පදිංචි කරති

    මැයි 10, 2015
    ත්‍රස්තවාදි හේතු නිසා අවතැන් වී සිටි වවුනියාවේ අවසන් පවුල් 284ට අයත් සමාජිකයන් 970ක් සින්න අඩම්පන් හා සිදම්බරපුරම් ප්‍රදේශවල යළි පදිංචි කිරිමට පියවර ගෙන තිබේ.
     
    මෙම පවුල් 1990 -1991 පැවැති ත්‍රස්තවාදී ක්‍රියා හේතුවෙන් ගමබිම් අතහැර පැමිණි වෙනත් දිස්ත්‍රික්කවල පදිංචිකරුවන් වෙති. ඔවුන් මෙතෙක් කල් පුන්තොට්ටම් සහ සිදම්බරම් සුබ සාධන මාධ්‍යස්ථානවල පදිංචිව සිටියහ.
     
    වවුනියාවේ මේ වන විට අවතැන් වී සිටි පවුල් 16741කට අයත් සමාජිකයින් 40000ට ආසන්න ප්‍රමාණයක් යළි පදිංචි කර ඇතැයි වවුනියා දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පවසයි.
     
    දැනට ඉතිරිව සිටින මෙම පිරිස පසුගිය කාලයේ මුල්ගම්බිම්වල පදිංචි කිරීමට පියවර ගත්ත ද ඔවුන් එම ගම්බිම්වලට යාමට ප්‍රතික්ෂේප කළ බව වව්නියා දිස්ත්‍රික් ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර මහතා පවසයි. මෙම අවතැන් වූ පිරිස් පිළිබඳව පසුගිය කාලයේ ජාත්‍යන්තරයේ පවා කතා බහට ලක් විය. එක්සත් ජාතීන්ගේ අවතැන් වූවන් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයේ විශේෂ අවධානයට ද මෙම පිරිස ලක් වූහ. 
     
    මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන රජය මෙම පවුල් කඩිනමින් යළි පදිංචි කිරීමට සැලසුම් කළ අතර ඒ සඳහා සින්න අඩම්පන්  ප්‍රදේශයේ රජයේ ඉඩම් අක්කර 70ක් සහ සිදම්බරපුරම් අක්කර 100ක ඉඩමක් වෙන් කර මෙම අවතැන් පවුල් තෙමසක් ඇතුලත යළි පදිංචි කිරීම සහ සුබසාධනය සැලසීමට රජය පිළිබඳ සාක්ච්ඡාවක් පසුගියදා වවුනියා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවත්විණි.
     
    kpm_C_DMU_Vavuniya
     
    නැවත පදිංචි කිරීමේ අධිකාරියේ සභාපති හරිම් පීරිස් අධ්‍යක්ෂ ජනරාල් කේ. ගනේෂන්, රජයේ ආයතන ප්‍රධානීන්, ආරක්ෂක අංශ නිලධාරීන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya