ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    ජා- ඇල ගර්භණි මව්වරුන්ට පෝෂණ ආධාර

    මැයි 10, 2015

    මව් කුසේදීම දැයේ දරුවන්ගේ අනාගතය භාර ගැනීම රජයේ දැක්ම බව  ස්වදේශ කටයුතු අමාත්‍ය ජෝශප් මයිකල් පෙරේරා මහතා පැවසීය.


    රට ශක්තිමත්  වන්නේ  දරුවන් ශක්තිමත් වීමෙන් පමණක් බවත් එම නිසා කුසේදී දරුවන්ට නිසි පෝෂණයක් නොලැබීම පසු කාලීනව ශක්ති සම්පන්න දැයක් නිර්මාණය කර ගැනීමට බාධාවක් බවත් රජයේ දින සියයේ වැඩපිළිවෙළ හරහා ගර්භණී මාතාවන්ට පෝෂණීය ආහාර ලබාදීමේ ජාතික වැඩසටහනක් යෝජනා කළේ ද එහි වටිනාකම නිසාවෙන් බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. 


    ගැබිණි මව්වරුන් සඳහා රුපියල් 20,000 ක පෝෂණ ආධාර ලබාදීම සඳහා වන වැඩසටහන ජා-ඇල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ ආරම්භ කිරීම පසුගියදා ඒකල පැවති අතර එහිදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    ජා-ඇල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ ගැබිණි මව්වරුන් 1400 කට අධික පිරිසකට මේ යටතේ ප‍්‍රතිලාභ හිමි වේ.

    ආදායම් ඇති නැති බේදයක් භේදයෙන් තොරව සෑම ගැබිණි මාතාවකට ම මෙම ප්‍රතිලාභ හිමි වන බවත් අදියර 10 ක් යටතේ මේ පෝෂණීය ආහාර දරුවාගේ උපතින් මාස 04 ක් ගත වනතුරුම හිමි වන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය. 

     

    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya