ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    කෑගල්ලේ පාසල් තාක්ෂණ විද්‍යාගාර 06ක් විවෘත වේ

    මැයි 13, 2015

    රුපියල් ලක්ෂ 1300 ක වියදමින් නිමකරන ලද පාසල් තාක්ෂණ විද්‍යාගාර හයක් පසුගිය දා දෙහිඕවිට අධ්‍යාපන කලාපයේ දී විවෘත කෙරිණි. මෙම විද්‍යාගාරයක් ජීව හා රසායනික විද්‍යාගාරයකින්, භෞතික විද්‍යාගාරයකින්, ගණිතාගාරයකින්, භාෂා විද්‍යාගාරයකින් හා තොරතුරු තාක්ෂණ විද්‍යාගාරයකින් සමන්විත වෙයි.

    ගොනගල්දෙණිය වහරක මහා විද්‍යාලය, කිතුල්ගල කල්‍යාණි මහා විද්‍යාලය, යටියන්තොට ශාන්ත මරියා මහා විද්‍යාලය, කන්නත්තොට සුලෙයිමානියා මුස්ලිම් විද්‍යාලය හා කොටියාකුඹුර රත්නාවලී මහා විද්‍යාලය එම විද්‍යාලයි.

    මෙම විද්‍යාගාර විවෘත කිරීමේ අවස්ථාවට සබරගමුව පළාත් ප්‍රධාන ඇමති මහීපාල හේරත්, සබරගමුව පළාතේ විපක්ෂ නායිකා තුසිතා විජේමාන්න, පාර්ලිමේන්තු මන්ත්‍රී වයි.ජී පද්මසිරි යන මහත්වරු ඇතුළු සබරගමුව පළාතේ ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ මන්ත්‍රීවරු රැසක් සහභාගි වී සිටියහ.
    MAP/dmu_kegalle

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya