ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    මහනුවර ගම්මාන සංවර්ධනයට මිලියන 1150 ක්

    ජූනි 15, 2015
     
    දොරින්  දොරට ගමින් ගමට ගම්මාන 15000 ක් නගා සිටුවීමේ වැඩ සටහන යටතේ  මහනුවර දිස්ත්‍රික්කයේ  ව්‍යාපෘති  1961ක් වෙනුවෙන්  රුපියල් මිලියන 1150ක් වෙන් කොට ඇති බව මහනුවර දිස්ත්‍රික්  සැලසුම් අධ්‍යක්ෂ පී මුදලිගේ මහතා පවසයි. 
    මහනුවර දිස්ත්‍රික්කයේ යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් එක් ග්‍රාම නිලධාරි වසමකට රුපියල් දස ලක්ෂයක මුදලක් වෙන් කොට තිබේ.  
     
    ග්‍රාමීය මාර්ග , ගොඩනැගිලි, පානීය ජල, විදුලිය වැනි සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන්  මෙම මුදල් වෙන් කොට තිබේ.  මේ වනවිට  ඉදිරිපත්කර  ඇති යෝජනා අතරින්  ව්‍යාපෘති යෝජනා 1961ක් අනුමත කො‍ට ඇති බවත් අධ්‍යක්ෂවරයා වැඩි දුරටත් පැවැසීය. 
     
    නිවාස හා සමෘද්ධී අමාත්‍යාංශය මගින්  මෙම මුදල් ප්‍රතිපාදන වෙන්කොට තිබේ. 
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya