ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    මහනුවර දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් තුමියගේ නිරීක්ෂණයට

    ජූනි 23, 2015
     
    රජයේ  ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව යටතේ ස්ථාපිත කොට ඇති  දිස්ත්‍රික් මාධ්‍ය ඒකකවල කාර්යභාරය නිරික්ෂණය කිරීමට  රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්  ආචාර්ය දර්ශනී  ගුණතිලක මහත්මිය කටයුතු යොදා ඇත.
    ඒ අනුව  දර්ශණි ගුණතිලක මහත්මිය පසුගියදා  මහනුවර දිස්ත්‍රික් මාධ්‍ය  ඒකකය නිරීක්ෂණය කිරීමට සහභාගි වුවාය. එහිදී දිස්ත්‍රික් මාධ්‍ය ඒකක වලින් කාර්යක්ෂම රාජ්‍ය සේවාවක් ලබාදීම පිළිබඳව එහි නිලධාරීන් දැනුවත් කරන ලද අතර නිලධාරින්ගේ යෝජනා කෙරෙහිද අධ්‍යක්ෂ ජනරාල්වරියගේ අවධානය යොමු විය. 
     
    මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය වාර්තාකරුවන් මුණගැසුණු ඇය ඔවුන්ගේ වෘත්තීයමය ගැටළු පිළිබදවද සාකච්ඡා කරන ලදී. ප්‍රාදේශීය වාර්තාකරුවන්ගෙන් ඉදිරිපත් වු යෝජනා ඇතුලත් කොට ඒවාට විසදුම් ද ඇතුළත් යෝජනාවලියක් ජනමාධ්‍ය හා  පාර්ලිමේන්තු කටයුතු පිළිබද  අමාත්‍ය  ගයන්ත කරුණාතිලක මහතා වෙත යොමු කරන බවද ඇය එහිදී  පැවසුවාය. 
     
    එහිදී අදහස් දැක්වු මහනුවර දිස්ත්‍රික්කයේ මාධ්‍යවේදීන්  පෙන්වා දුන්නේ දිස්ත්‍රික් මාධ්‍ය ඒකක ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ට වඩාත් ප්‍රයෝජන වන පරිදි  වැඩි දියුණු කල යුතු බවයි. මාධ්‍ය ඒකක ස්ථාපිත කොට වසර වසර  15ක් ගතවනතුරුම  ඒවා නිරික්ෂණය කිරිමට මෙතෙක් කිසිදු  ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනාරාල් වරයෙකු පැමිණ නොමැති බව පෙන්වා දුන් මාධ්‍යවේදීන් අධ්‍යක්ෂ ජනරාල්වරිගේ මැදිහත්වීම ඉතා අගය කරන බවද පැවැසීය.  
     
    AP/DMU-Kandy

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya