ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    ගාල්ල දිස්ත්‍රික්කයේ පූර්ව මැතිවරණ කටයුතු අවසන්

    අගෝස්තු 12, 2015
     
     
    පාර්ලිමේන්තු මහ මැතිවරණයේ ගාල්ල දිස්ත්‍රික්කයේ පූර්ව මැතිවරණ කටයුතු මේ වනවිට අවසන් කොට ඇති බව ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පවසයි. 8,19,666 ක් වන ගාල්ල දිස්ත්‍රික් ඡන්ද දායකයින්ගේ ඡන්ද ප්‍රකාශ කිරීමේ කටයුතු වෙනුවෙන් ඡන්ද මධ්‍යස්ථාන 703 ක් සහ  14,000 කට ආසන්න නිලධාරීන් පිරිසක් යෙදවීමට නියමිත ය. 
    ගාල්ල ශ්‍රී හෘදය කන්‍යාරාමය, තාක්ෂණ විද්‍යාලය සහ ගාල්ල ඇලෝසියස් විද්‍යාලයන් ප්‍රධාන ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයන්ය. තැපැල් ඡන්ද ගණන් කිරීම ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී සිදු කෙරෙන අතර ගාල්ල තාක්ෂණික විද්‍යාලයෙන් සියළුම ඡන්ද නිල ප්‍රතිඵල නිකුත් කිරීම සිදුවේ.  ගාල්ල දිස්ත්‍රික්කයේ සියළුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල මැතිවරණ සම්බන්ධීකරණ මධ්‍යස්ථානයන් වශයෙන් මේ වනවිට ක්‍රියාත්මකය. 
     
    AP/DMU-Galle

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya