ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    අනුරපුර මධ්‍යස්ථාන 608 දී ඡන්දය ලකුණු කිරීම ඇරඹේ

    අගෝස්තු 17, 2015

    මහමැතිවරණයට අදාළ සියලු කටයුතු සුදානම් බවත් අනුරාධපුර මධ්‍යස්ථාන 608දී ඡන්දය ලකුණු කිරීම ආරම්භ කළ බවත් අනුරාධපුර දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරි ඩී.පී.ජී. කුමාරසිරි මහතා පවසයි.

    දිස්ත්‍රික්කය තුළ සාමකාමී වාතාවරණයක් පවතින බව පෙන්වා දුන් ඒ මහතා ඊයේ අද උදෑසන 11 පමණ වන විට සියලු ඡන්ද පෙට්ටි ඡන්ද මධ්‍යස්ථාන වෙත රැගෙන යාම සඳහා නිකුත් කිරිම අවසන් වූ බව ද සඳහන් කළේය.

     

    මෙවර මහ මැතිවරණයේ දී අනුරාධපුර දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 636,733 කට සිය ඡන්දය භාවිත කිරීම සඳහා සුදුසුකම් ලබා සිටිති. ඡන්ද මධ්‍යස්ථාන වල ආරක්ෂාව සඳහා එක් මධ්‍යස්ථානයකට පොලිස් නිලධාරින් දෙදෙනෙකු බැගින් යොදවා තිබේ.

     

    ඡන්ද ගණන් කිරීමේ කටයුතු සිදුකෙරෙන්නේ අනුරාධපුර මධ්‍ය විද්‍යාලයේදීයි. ඒ අනුව එහි ස්ථාන 75 කදී ඡන්ද ගණන් කිරිම සිදුකරනු ඇති. ඉන් 23ක් තැපැල් ඡන්ද ගණන් කිරිම සඳහා සුදානම් කර ඇත.

     

    මැතිවරණ අධික්ෂණය සඳහා අනුරාධපුර දිස්ත්‍රික්කය කලාප 114 කට වෙන්කර ඒ එක් කලාපයකට සහකාර තේරිම්භාර නිලධාරිවරයෙකු බැගින් පත්කර ඇති බවද තේරිම්භාර නිලධාරිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

     

    kpm/DMU

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya