ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    මාතලේ අද ඡන්ද සූදානම මෙන්න

    අගෝස්තු 17, 2015

    මාතලේ දිස්ත්‍රික්කයේ දිසා ලේකම් කාර්යාලයේ සිට ඡන්ද මධ්‍යස්ථාන 324 ක් සඳහා ජන්ද පෙට්ටි නිකුත් කර ඇති බව මාතලේ දිස්ත්‍රික් මාධ්‍ය ඒකක සඳහන් කරයි.

    මෙවර මෙම දිස්ත්‍රික්කයේ ජන්ද දායකයින් 379,675 දෙනෙකු ජන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටිති.

    ඒ අනුව දඹුල්ල ආසනය සඳහා 131,851 දෙනෙකුද මාතලේ ආසානය සඳහා 84,225 දෙනෙකුද ලග්ගල ආසනය සදහා 70,323 දෙනෙකු හා රත්තොට ආසනය වෙනුවෙන් 93,276 දෙනෙකු ජන්දය ප්‍රකාශ කිරීමට නියමිතය.

    තැපැල් ජන්දය සඳහා 20,955 දෙනෙකු ඉල්ලුම් කොට තිබූ අතර මෙයින් 2,029 දෙනෙකුගේ ඉල්ලුම්පත් අයදුම් පත්‍රයේ අඩුපාඩු හේතු කොටගෙන ප්‍රතික්ෂේප කළ අතර තැපැල් ජන්දය ප්‍රකාශ කිරීම 97.7% ක් බව දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී නීල්ද අල්විස් මහතා පැවසීය.

     

    මැතිවරණ කටයුතු සඳහා මැතිවරණ නිලධාරීන් 3,626 දෙනෙකු යොදාගෙන ඇති බවත් ආරක්ෂාව සදහා පොලිස් නිලධාරීන් 1700 දෙනෙකු යොදාගෙන ඇති බවත් ජන්ද දායකයාට නිදහසේ ජන්දය ප්‍රකාශ කිරීමට අවශ්‍ය සියලු පියවර ගෙන තිබෙන බවත් ඒ මහතා පැවසීය.

    ආරක්ෂාව සඳහා අවශ්‍ය පරිදි විශේෂ කාර්ය බලකායද යොදාගෙන ඇති අතර අවශ්‍යතාවක් පැන නැගුණොත් යුද හමුදාව වුවද කැඳවීමට පියවර ගන්නා බවද පැවසීය.

    සමස්තයක් වශයෙන් අවම මැතිවරණ පැමිණිලි සංඛ්‍යාවක් ලැබී ඇති අතර එම පැමිණිලි සියල්ලක්ම පරික්ෂා කර බලා අවශ්‍ය පියවර ගත් බවද පැවසීය.

    ජන්දය ගණන් කිරීම සදහා දිසා ලේකම් කාර්යාලය සහ ක්‍රිස්තුදේව විද්‍යාල යොදාගෙන ඇති අතර ගණන් කිරීමේ මධ්‍යස්ථාන 47 කි.

    සවස 4.30 තැපැල් ජන්ද ගණන් කිරීම අරම්භ කරන බවද ප්‍රථම තැපැල් ජන්ද ප්‍රතිථලය රාත්‍රි 9.00 පමණ වන විට නිකුත් කිරීමට අපේක්ෂා කරන බව ද ප්‍රථම ප්‍රතිඵලය ලබාදීම රාත්‍රී 11.00 පමණ විය හැකි බවද ඒ මහත් වැඩිදුරටත් පැවසීය.

     

    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya