ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    කෑගල්ලේ මධ්‍යස්ථාන 569 දී ඡන්දය විමසයි

    අගෝස්තු 17, 2015

    අද (17) දින පැවැත්වෙන මහමැතිවරණයේ කෑගල්ල දිස්ත්‍රික්කය තුළ මධ්‍යස්ථාන 569 දී ඡන්ද විමසීම් කටයුතු සිදු කෙරෙන බව කෑගල්ල දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී /දිස්ත්‍රික් ලේකම් එච්.එම් ගාමිණි සෙනෙවිරත්න මහතා සඳහන් කරයි.

    මෙවර මැතිවරණය සදහා කෑගල්ල දිස්ත්‍රික්කයේ ඡන්දදායකයින් 649,678 ක් සුදුසුකම් ලබා ඇති අතර ඉන් 31,452 ක් තැපැල්ඡන්ද හිමියන් වෙති.

    ප්‍රධාන ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන ලෙස කෑගලු බාලිකා මහා විද්‍යාලය හා කාර්මික විද්‍යාල යොදා තිබේ. මැතිවරණ රාජකාරී සදහා යොදවා ඇති රාජ්‍ය නිලධාරීන් ප්‍රමාණය 9,200 කට ආසන්න වේ.

    සිය ඡන්දය උදෑසනම ඡන්දපොළට ගොස් භාවිතා කරන ලෙස කෑගල්ල දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී /දිසාපති එච්.එම් ගාමිණි සෙනෙවිරත්න මහතා දිස්ත්‍රික්කයේ ඡන්දදාකයන්ගෙන් ඉල්ලා සිටි.

    මෙවර මහ මැතිවරණයෙන් කෑගල්ල දිස්ත්‍රික්කය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීන් 9 දෙනෙක් තෝරාපත් කර ගැනීමට නියමිතය.

     

    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya