ජනවාරි 14, 2025
tami eng youtube  twitter facebook

    රට සංවර්ධනය කිරීමේදී රාජ්‍ය නිලධාරියාට විශාල වගකීමක් පැවරෙනවා-මාතලේ දිස්ත්‍රික් ලේකම්

    ජනවාරි 04, 2016
     
    රටේ අලුත් දේශපාලන රටාවක් ගොඩනැගී ඇති බවත් හැම දෙනාටම සමාන අයිතිවාසිකම් සමාන නායකත්වයක් සමග එකට යන ගමනකට එක්ව ඇති බවත් ඔවුන් සියලු දෙනාම එකතුව රට දියුණු කිරීම සදහා විවිධ මාර්ග සොයන ,විවිධ වැඩසටහන් සම්පාදනය කරන යුගයක් බවත්  මාතලේ දිස්ත්‍රික් ලේකම් නීල් ද අල්විස් මහතා පැවසීය.
    ජාතික ආණ්ඩුවක් ක්‍රියාත්මක වන යුගයක රාජ්‍ය සේවකයින් හැටියට ඔබටත් මටත් මේ රට දියුණු කිරිමේ වැඩපිළිවෙලට දායකත්වයක් ලබා දීමට අවස්ථාව එළඹ ඇති බවද පැවසූ දිස්ත්‍රික් ලේකම්වරයා රට තුළ අලුත් ආර්ථීකයක් හා දේශපාලන රටාවක් ගොඩ නැගෙමින් තිබෙන බවද පැවසීය.
     
    දිස්ත්‍රික් ලේකම්වරයා මෙම අදහස් ප්‍රකාශ කළේ මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ 2016 වැඩ වසර රාජකාරි ආරම්භ කරමින් සිය කාර්ය මණ්ඩලය අමතමිනි.
     
    රජයේ සේවකයාගේ කාර්ය භාරය අතර ප්‍රධාන වන්නේ පාලකයින්ට තින්දු තිරණ ගැනිමේදී නිවැරදි දත්ත තොරතුරු සම්පාදනය කිරීම,තොරතුරුවලට අනුව ගනු ලබන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරිමේ වගකිම රාජ්‍ය සේවකයාට පැවරෙන බවද ඒවායේ පසු විපරම් සේවයේ යෙදීමද ඔවුන්ගේ කාර්යක් වන බවද දිස්ත්‍රික් ලේකම්වරයා පැවසීය.
     
    මෙහිදි දිස්ත්‍රික් මාධ්‍ය ඒකකයේ මගින් ප්‍රකාශයට පත් කළ මාතලේ ප්‍රත්‍යාවලෝකනය 2016 වාර්ෂික ජායාරූප ඇල්බමය දිස්ත්‍රික් ලේකම්වරයා වෙත පිළි ගැන්වුණු අතර ආපදා කලමණාකරණ දිස්ත්‍රික් මධ්‍යස්ථානය මගින් ඉකුත් වසරේ සංවිධානය කළ අවදානම් කළමනාකරණ සහ පෞරුෂ වර්ධන ක්ෂේත්‍ර වැඩසටහනට අදාල දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය මගින් සකස් කළ අවදානමට පෙර සුදානම  වාර්තා චිත්‍රපටයද ප්‍රදර්ශනය කළේය.
     
    AP/DMU-Matale

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya