ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    ගාල්ල දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුව රැස්වේ

    මැයි 25, 2016
    ගාල්ල දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුව ඊයේ දිස්ත්‍රික් ලේකම් සිසිර කොඩිකාර මහතාගේ ප්‍රදානත්වයෙන් පැවැත්විණි. 
    පසුගිය කාල සීමන්හි දී ඇති වූ දැඩි  වියළි කාලගුණය හේතුවෙන් අපේක්ෂිත වි වගා කිරීමට නොහැකි වූ නමුත් හෙක්ටයාර් 9,695ක ප්‍රමාණයක් වගා කිරීමට හැකි වූ බවත් නියෝජ්‍ය පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ අයි ඩී ගුණවර්ධන මහතා මෙහි දී අනාවරණය කළේය. 
     
    එමෙන්ම ජාතික ආහාර සුරක්ෂිතතා වැඩසටහන නිමිත්තෙන් ඉදිරි කන්නය තුළ හෙක්ටයාර් 8,600 ක ප්‍රමාණයක් වගා කිරීමට කටයුතු කරන බවත් ගාල්ල දිස්ත්‍රික්කය තුළ අක්කර සීයයක ගොවීන් 119 දෙනෙකු සඳහා පාරම්පරික වී වගා කිරීම සඳහා සහනාධාර ලබා දීමට කටයුතු යොදා ඇති බවත් ගුණවර්ධන මහතා පැවසීය.
     
    එමෙන් ම ජුනී 05 දනට යෙදෙන ජගත් පරිසර දිනය නිමිත්තෙන් මැයි 30 දින සිට ජුනී 05 දක්වා ජාතික පරිසර සතියක් ලෙස තීරණය කිරීමට ජනාධිපති ලේකම් කාර්යාලය විසින් තීරණය කර ඇති බවට සැලසුම් අධ්‍යක්ෂිකා පුෂ්පා මළලසේකර මහත්මිය සඳහන් කර සිටියාය. ඒ වෙනුවෙන් නිලධාරී දැනුවත් කිරීම්, පරිසර වැඩසටහන් පාසල් ළමුන් දැනුවත් කිරීම් මේ වෙනුවෙන් සංවිධානය කරන බවද මළලසේකර මහත්මිය පැවසීය.
     
    AP/DMU-Galle
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya