ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    වයඹ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය නේවාසිකාගාරය සිසු අයිතියට

    ජූනි 01, 2016

    මැතිවරණ අමතක කර රට සංවර්ධනය කිරීමට සියලු දෙනාම භේද අමතක කර   අත්වැල් බැඳගෙන එක් විය යුතු කාලය එළැඹ තිබෙන බව ශ‍්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සභානායක, උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

    ශ‍්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයේ රජයේ මුල්‍ය ප්‍රතිපාදන යටතේ රුපියල් මිලියන 200 වැය කර ශිෂ්‍යයාවන් 400ක් සඳහා ඉදි කරනු ලැබූ ශිෂ්‍ය නේවාසිකාගාර සංකීර්ණය , රුපියල් මිලියන 8.2 ක වියදමින් ඉදිකරන ලද නව විශ්වවිද්‍යාල පිවිසුම් මාර්ගය සහ රුපියල් මිලියන 2.5 ක වියදමින් ඉදිකරන ලද ව්‍යාපාර පෙර වැඩුම් මධ්‍යස්ථානය නිල වශයෙන් සිසු අයිතියට පත් කිරීමේ පසුගියදා අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති අතර එහිදී ඒ මහතා මේ බව සඳහන් කළේය.

     

    ලංකාවේ විශ්වවිද්‍යාලවල සිටින අපේ මහාචාර්යවරු එකතුවෙලා වකුගඩු ප‍්‍රශ්ණයට ද විසඳුම් ලබාදීම අවශ්‍ය බවත් මෙය අද තිබෙන බරපතල ප‍්‍රශ්නයක් වී තිබෙන අතර ඒ සඳහා බුද්ධිමතුන්ගේ දායකත්වයෙන් මේ සඳහා විසඳුම් ලබා ගැත හැකි බව තම විශ්වාසය බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.


     
    මෙම අවස්ථාවට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් , තිරසාර සංවර්ධන හා වනජීවි අමාත්‍ය ගාමිණි ජයවික‍්‍රම පෙරේරා යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya