ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    මාතර කුඩා තේවතු හිමියන්ට රුපියල් මිලියන 126.96 ක්

    සැප්තැම්බර් 07, 2016
    මාතර දිස්ත්‍රික්කයේ කුඩා තේවතු හිමියන් 20,294 දෙනෙකුට රුපියල් මිලියන 126.96 ක මුදලක් පොහොර සහනාධාරය වශයෙන් ගෙවීමට මේ වන විට කටයුතු කර ඇති බව කුඩා තේවතු සංවර්ධන අධිකාරියේ මාතර දිස්ත්‍රික් කාර්යාලය පවසයි. 
    මාතර දිස්ත්‍රික්කයේ තේ ව්‍යාප්ති නිලධාරි කොට්ඨාස 20 ක තේ වගා කරුවන්ගේ සමිති 172 ක් ඇති අතර එයින් සමිති 66 ක සාමාජිකයින් සඳහා මෙම මූල්‍යමය ප්‍රතිපාදන ගෙවා ඇත. ඉතිරි සමිති 106 ක සාමාජිකයින් සඳහා ඉදිරියේ දී පොහොර සහනාධාරය ගෙවීමට නියමිත ය.
     
    මෙවර පොහොර සහනාධාරය, කුඩා තේවතු හිමි තේ වගා කරුවන් සඳහා අක්කරයකට වසරකට රුපියල් 15,000 ක උපරිමයකට යටත්ව සහනාධාරය ලබා දේ.
     
    AP/DMU-Matara
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya