ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    මදුරු මර්දනයට 1500 ක බළ ඇණියක්

    සැප්තැම්බර් 07, 2016
    ඊසාන දිග මෝසම් වර්ෂාව ඔක්තෝබර් මාසයේ ආරම්භවීමත් සමග ඩෙංගු මදුරු ඝණත්වය යලි වැඩිවිය හැකි බැවින්, දීප ව්‍යාප්ත මදුරු මර්දන සතියක් ප්‍රකාශයට පත් කිරිමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත. 
     
    එමෙන්ම ඩෙංගු මදුරු මර්දන කටයුතු සඳහා ක්ෂේත්‍ර සහායක (මදුරු මර්දන) 1500ක් කඩිනමින් බඳවා ගැනීමට කැබිනට් අනුමැතිය හිමි වී ඇත. ඒ අනුව 700ක් බස්නාහිර පළාතටත්, අනෙකුත් දිස්ත්‍රික්කවලට 100 බැගිනුත් බඳවා ගැනීමට නියමිතය. මෙම බඳවා ගැනීම් කඩිනම් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා සෞඛ්‍ය ලේකම් අනුර ජයවික්‍රම මහතාට සෞඛ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පසුගියදා පැවැති ආයතන ප්‍රධානීන්ගේ රැස්වීමේ දී උපදෙස් ලබා දී ඇත. 
     
    විශේෂයෙන්ම උතුරු සහ නැගෙනහිර පළාත් කෙරෙහි වැඩි අවධානය යොමු කරමින් සැප්තැම්බර් මස 27 සිට සතියක කාලයක් මදුරු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කිරිමට නියමිතය. එහි සමාරම්භක වැඩසටහන සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් යාපනය නගරයේ දී පැවැත්වෙයි. 
     
    2016 වසරේ මේ වන විට ඩෙංගු මරණ 60ක් සිදුව ඇති අතර, හමුව ඇති රෝගීන් ගණන 39,000කට ආසන්න වේ. මදුරු මර්දන සතිය තුළ දී පාසල් සහ ආයතන මෙන්ම ඉදිකිරීම් කලාප ද පරික්ෂාවට ලක් කෙරෙයි. මේ වනවිට ඩෙංගු රෝග තත්ත්වය අවම මට්ටමක් දක්නට ලැබෙන බව ඩෙංගු මර්දන ජාතික වැඩසටහන සඳහන් කරයි. 
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya