ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    අන්තර්ජාතික ආයුර්වේද අධ්‍යාපන හා වෙළද ප්‍රදර්ශනය මහනුවරදී

    ඔක්තෝබර් 05, 2016
    ආයුර්වේද අන්තර්ජාතික අධ්‍යාපන හා වෙළද ප්‍රදර්ශනය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඔක්තෝබර් 07 වැනි දින පෙ.ව. 10.00 ට මහනුවර කැන්ඩි සිටි සෙන්ටර්හිදී ආරම්භ වේ.
    මධ්‍යම පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කරනු ලබනමෙම ප්‍රදර්ශනය ඔක්තෝබර් 08 සහ 09 යන දෙදින පුරා  පැවැත්වේ. 
     
    මෙම ප්‍රදර්ශනයේදී අන්තර්ජාතික දේශීය වෛද්‍ය සම්මන්ත්‍රණ, රූපලාවන්‍ය පිළිබද විශේෂ වැඩමුළු, යෝග වැඩමුළු, හෙළ වස්ත්‍රාභරණ දැක්ම ඇතුළු තවත් විශේෂාංග රැසකින් සහ ප්‍රදර්ශන ඇතුළු අලෙවිසැල් රැසක් දැකබලා ගැනීමට සැළසුම් ‍සකස් කොට තිබේ. සමාරම්භක දින වැඩසටහනින් ආරම්භ කෙරෙන මෙම ප්‍රදර්ශනය රාත්‍රී 9.00 දක්වා විවෘතව තැබෙනු ඇත.
     
    මෙම අන්තර්ජාතික ආයුර්වේද ප්‍රදර්ශනය සදහා ඉන්දියාව, පාකිස්ථානය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයකින්ද ආරාධිතයන් පැමිණීමට නියමිත අතර, දේශීය වෛද්‍ය ක්‍රම ගැන ජාත්‍යන්තරය දැනුවත් කිරීමටද මෙහිදී කටයුතු යොදා තිබේ. 
     
    රටරටවල වෛද්‍ය ක්‍රම පිළිබද දැනුම හුවමාරු කර ගැනීමෙන්, පාරම්පරික වෛද්‍යවරුන්ගේ අනන්‍යතාවය ගොඩනගා දී ආයුර්වේද වෛද්‍යක්‍රමය පිළිබද වත්මන් පරපුර දැනුම්වත් කිරීමේත් අරමුණින් පවත්වනු ලබන මෙම ප්‍රදර්ශනය තුලින් ලබා ගන්නා දැනුම යොදා ගනිමින් ආයුර්වේද ක්‍රම පිළිබද ශාස්ත්‍රීය ග්‍රන්ථයක් මුදුණය කිරීමටද සැලසුම් කොට ඇත.
     
    මෙම ප්‍රදර්ශනය සදහා දේශීය වෛද්‍යවරු 400 ක් සහභාගී වීමට නියමිත අතර, විශේෂඥ වෛද්‍යවරු 120 ක් සහ වෙනත් ර‍ටවල වෛද්‍යවරු 100 ක සංඛ්‍යාවක් ද ආරාධිතයන් ලෙස පැමි‍ණෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. සෞඛ්‍ය. පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා, මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක මහත්මිය සහ මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා ඇතුළු සම්භාවනීය පිරිසක් සමාරම්භක අවස්ථාව සදහා සහභාගී වීමට නියමිතය.
     
    මධ්‍යම පළාත් සෞඛ්‍ය, දේශීය වෛද්‍ය සහ සුභ සාධන අමාත්‍යශයේ මෙහෙයවීමෙන් මධ්‍යම පළාත් ආයුර්වේද දොපාර්තමේන්තුව මගින් මෙම ජාත්‍යන්තර ආයුර්වේද ප්‍රදර්ශනය පවත්වන්නේ තෙවැනි වතාවටයි. 
     
    AP/DMU-Kandy
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya