ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    කෑගල්ලේ වැඩිම ඩෙංගු රෝගීන් මාවනැල්ලෙන්

    නොවැම්බර් 27, 2016
    මේ වසරේ කෑගල්ල දිස්ත්‍රික්කයේ වැඩිම ඩෙංගු රෝගීන් ප්‍රමාණය මාවනැල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී  කොට්ඨාසයෙන් වාර්තා වී ඇතැයි වසංගත රෝග විශේෂඥ වෛද්‍ය සුජීව බණ්ඩාර මහතා සඳහන් කරයි.
    කෑගල්ල දිස්ත්‍රික් ඩෙංගු කමිටුවට සහභාගී වෙමින් ඒ මහතා මෙම කරුණූ හෙළි කළේය. 
     
    මේ වන විට කෑගල්ල දිස්ත්‍රික්කයේ ඩෙංගු රෝගීන් 1,331 ක් වාර්තා වී ඇති අතර ඉන් 346 ක ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ මාවනැල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙනි. එමෙන්ම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස වන අරණායක ඩෙංගු රෝගීන් 153 ක්, කෑගල්ල කොට්ඨාසයෙන් රෝගීන් 153 ක්, දෙහිඕවිටින් රෝගීන් 146 ක් , රුවන්වැල්ල කොට්ඨාසයෙන් 119 ක්, ගලිගමුවෙන් 39 ක්, වරකාපොළින් රෝගීන් 92 ක්, රඹුක්කන කොට්ඨාසයෙන් රෝගීන් 110 ක්, යටියන්තොටින් රෝගීන් 100 ක් හා බුලත්කොහුපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් රෝගීන් 71 ක් මේ වසරේ වාර්තා වී ඇත. 
     
    මාවනැල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ ඩෙංගු රෝගීන් වැඩි ප්‍රමාණයක් වාර්තා වීමට නගරයේ  ගොඩගසා ඇති අබලි ද්‍රව්‍ය ප්‍රධාන හේතුවක් වී ඇති බව සඳහන් කළ විශේෂඥ වෛද්‍යවරයා ඒ ආශ්‍රිතව  මදුරු කීටයන් හමුව ඇති බවත් පෙන්වා දුන්නේය. එමෙන්ම එම ස්ථානය මැවනැල්ල රෝහලට ආසන්න වීම හා මාඔය ආසන්නයේ පිහිටා තිබීම ද ඩෙංගු රෝග තතත්වය උත්සන්න වීමට බලපා ඇත. මේ ස්ථානය සම්බන්ධයෙන් අදාළ අංශ දැනුවත් කළද එය නොසලකා හැර ඇතැයි කී වෛද්‍ය සුජීව බණ්ඩාර මහතා ඒ සම්බන්ධයෙන් ඉදිරියේ දී නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බව පැවසීය. 
     
    නිවාස වල වැහි පිලීවල වතුර රැඳී තිබීම ඩෙංගු ව්‍යාප්ත  වීම කෙරේ දැඩිව බලපාන අතර විශේෂයෙන් තට්ටු නිවාස වල වැහිපීලි සුද්ද නොකිරීමෙන් ඩෙංගු රෝගය වර්ධනය වීමට පාරිසරික තත්ත්වයන් නිර්මාණය වී ඇතැයි විශේෂඥ වෛද්‍ය සුජීව බණ්ඩාර මහතා වැඩිදුරටත් සඳහන් කළේය. 
     
    මෙම අවස්ථාව සඳහා කෑගල්ල දිස්ත්‍රික් ලේකම් අබේවික්‍රම වනසූරිය, කෑගල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම්වරුන් වන ප්‍රභාත් උදාකර හා රුක්මණී ආරියරත්න, කෑගල්ල දිස්ත්‍රික් සහකාර දිස්ත්‍රික් ලේකම් සමන් අනුර යන මහත්ම මහත්මීන්, ප්‍රාදේශීය ලේකම්වරුන්, සෞඛ්‍ය අංශයට සම්බන්ධ නිලධාරීන් හා ත්‍රිවිධ හමුදාවට අයත් නිලධාරීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් සහභාගී වී සිටියහ. 
     
    AP/DMU-Kegalle
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya