ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    රෝහල් ඩිජීටල්කරණය ඇරඹෙයි

    නොවැම්බර් 28, 2016

    රෝහල් ඩිජීටල්කරණය අරඹෙයි. ජනවාරි 01 සිට රුධිර පරික්ෂණ පෞද්ගලික අංශයෙන් සිදු කළ හොත් රෝහල් අධ්‍යක්ෂවරුන්ට විනය ක‍්‍රියාමාර්ග - සෞඛ්‍ය ඇමැති හෙළි කරයි.

    අගලවත්ත ඉත්තෑපාන දිසා රෝහලේ මාතෘ හා ළමා වාට්ටුව සහ කාන්තා වාට්ටුව විවෘත කිරීමේ උත්සවය සෙඛ්‍ය පෝෂණ  හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප‍්‍රධානත්වයෙන් 26 වන දින පස්වරුවේ පැවැත්විනි. මෙම වාට්ටුව ඉදිකිරිම සදහා වැය කර ඇති මුදල රුපියල් ලක්ෂ 600 කි.
     
    සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් මෙම රෝහලට උපකරණ තොගයක් ද මෙහිදී පරිත්‍යාග කරන ලදි.
    මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා "කළුතර දිස්ත‍්‍රික්කයේ පළාත් සභා රෝහල් සහ මුලික රෝහල් සංවර්ධනය කිරීමට මේ වනවිටත් කටයුතු යොදා තිබෙනවා. කළුතර මහ රෝහල සංවර්ධනය කරන අතර ළමා රෝහලක් ද නෙදර්ලන්ත ණය ආධාර යටතේ ඉදිකරනවා. ජර්මනියේ ආධාර මත පානදුර මූලික රෝහල සංවර්ධනය කරනවා.”

    නවීන තාක්ෂණයට අනුව රෝහල් ඩිජිටල්කරණය කළ යුතුයි. එහි මුලික පියවර හොරණ මුලික රෝහලෙන් සහ මහරගම අපෙක්ෂා රෝහලෙන් ආරම්භ කළා.  මේ වනවිට රෝහල් 40 ක් පරිගණක ගත කර තිබෙනවා. 2017 වසරේ දී රෝහල් 200 ක් පරිගණක ගත කිරිමට සැළසුම් සකස් කර අවසන්. මෙහිදී රෝගියෙකුගේ සියළුම විස්තර රෝග පරීක්ෂණ වාර්තා පරිගණක ගත කරනවා. ඉන් පසු රෝගියාට රෝග විනිශ්ච්‍ය කාඩි පතක් ලබාදීම තුලින් වෛද්‍ය පරික්ෂණවල දී වෛද්‍යවරුන්ට පහසුවක් සැළසෙනවා. රෝහල් සංවර්ධනය කළ හැකි වුවත්  මානව සම්පත සංවර්ධනය කිරීමට කාලයක් ගත වෙනවා. හෙද හෙදියන්ගේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිඟයක් පවතින අතර එම සේවක සංඛ්‍යාව වැඩි කිරීමට මම පියවර ගෙන තිබෙනවා. ඉත්තෑපාන දිසා රෝහල මුලික රෝහලක් කරන ලෙස මහා සංඝරත්නය මගෙන් ඉල්ලීමක් කළා. නමුත් මම මෙම රෝහලට අවශ්‍ය සියළුම පහසුකම් ලබාදෙන්නම්.
     
    2017 ජනවාරි 01 දා සිට රෝහල්වලට ඇතුලත් වන රෝගීන්ගේ රුධිර පරික්ෂණ පෞද්ගලික අංශයෙන් සිදු කිරීම තහනම් කරනවා. රජය විසින් සියළුම රසායනාගාර පහසුකම් ඇති රෝහල් වලට රුධිර පරීක්ෂණ යන්ත‍්‍ර දෙසැම්බර් 31 වන විට ලබාදෙනවා. ඉන් පසු රුධිර පරීක්ෂණ පෞද්ගලික අංශයෙන් සිදු කිරීම නොකළ යුතුයි. සියළුම රුධිර පරීක්ෂණ රෝහල් මගින් පමණක් සිදු කළ යුතු වෙනවා. ඒ පිළිබද විමර්ශණයක් ද සිදු කරන අතර රුධිර පරීක්ෂණ පෞද්ගලික අංශයෙන් සිදු කිරීමේ සිද්ධි වාර්තා වුවහොත් රෝහල් අධ්‍යක්ෂවරයාට එරෙහිව විනය ක‍්‍රියාමාර්ග ගනු ලබනවා. ඒ බව සදහන් කරමින් දෙසැම්බර් මස මුල් සතියේ දී රසායනාගාර පහසුකම් ඇති සියළුම රෝහල් අධ්‍යක්ෂවරුන්ට විශේෂ චක‍්‍රලේඛයක් නිකුත් කරන ලෙස මම සෞඛ්‍ය ලේකම් අනුර ජයවික‍්‍රම මහතාට උපදෙස් ලබාදුන්නා.
     
    මෙම අවස්ථාවට මහා සංඝරත්නය කළුතර ප‍්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය උදය රත්නායක මහතා ඉත්තෑපාන දිසා රෝහලේ දිස්ත‍්‍රික් වෛද්‍ය නිලධාරිනී එම්.එස්. ලියනගේ මහත්මිය ඇතුලු රෝහල් කාර්ය මණ්ඩලය ද එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya