ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    වන අලීන්ගෙන් සිදුවන වගා හානි සදහා වන්දි ගෙවීමේ ක්‍රමවේදයක්

    දෙසැම්බර් 05, 2016
    වගා රක්ෂණය සිදු කර තිබෙන ප්‍රදේශ වල වගාවන් සඳහා වන අලීන්ගෙන් හානි සිදු වන විට එම වගාවන්ට වන්දි ගෙවීම සඳහා ආවරණයක් ලබා දීමට  කටයුතු යොදන්නැයි හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් ඩබිලිව්. එච්. කරුණාරත්න මහතා කෘෂි කාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ හම්බන්තොට දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂවරයා වෙත උපදෙස් ලබා දී ඇත. 
    ඒ මහතා මෙම උපදෙස් ලබා දුන්නේ මාගම් රුහුණුපුර පරිපාලන සංකිර්ණයේ පැවති දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටු රැස්වීමේදීය.
     
    මේ සදහා අතිරේක මුදලක් ගොවි ජනතාවගෙන් අයකර එම හානිය ගෙවීමට කටයුතු කිරීමට ප්‍රධාන කාර්යාලය දැනුවත් කරන ලෙසත් ඒ අයකිරීම හා අදාළ විස්තර පිළිබඳව ගොවීන් දැනුවත් කරන ලෙසත් දිස්ත්‍රික් ලේකම්වරයා විසින් උපදෙස් දී ඇත. 
     
    මේවන විට වන අලීන් විසින් වගාවන් සඳහා හානි සිදු කළවිට ඒ සදහා වන්දි ගෙවීමේ ක්‍රමවේදයක් නැත. ඉහත ආයතනය මගින් එකී ආවරණය ලබාදුනහොත් ගොවීන්ට විශාල සහනයක් බව ගොවීන්ද ප්‍රකාශ කර සිටිති.  
     
    AP/DMU-Hambanthota
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya