ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    අයිස් නිෂ්පාදනය ඉහළට

    දෙසැම්බර් 06, 2016
    ශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තය සඳහා යොදා ගන්නා අයිස් නිෂ්පාදන කටයුතු 2016 වර්ෂයේ දී ඉහළ ගොස් තිබෙන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශය සඳහන් කරයි.
     
    2013 සහ 2014 වර්ෂවල මෙරට තිබූ අයිස් නිෂ්පාදන කර්මාන්ත ශාලා ප්‍රමාණය 90කි. නමුත්, 2015 වසර අවසන් වන විට එම කර්මාන්ත ශාලා සංඛ්‍යාව 119 දක්වාත්, 2016 සැප්තැම්බර් වන විට 123 දක්වාත්, ඉහළ නැංවීමට හැකි වූ බව, ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
     
    මෙම කර්මාන්ත ශාලා ආශ්‍රිත ව නිෂ්පාදනය කෙරෙන අයිස් ප්‍රමාණය ද ඉහළ ගොස් තිබේ. ධීවර අමාත්‍යාංශයේ සංඛ්‍යාලේඛන අනුව, 2013 නිෂ්පාදනය කළ දෛනික අයිස් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 2658කි. 2014 වර්ෂයේ දී මෙට්‍රික් ටොන් 2788කි.
     
    2015 වසරේ දී දෛනික අයිස් නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 3819ක් දක්වාත්, 2016 සැප්තැම්බර් වන විට මෙ.ටො. 3949 දක්වාත් ඉහළ ගොස් ඇත.
     
    කෙසේ වුවද, ධීවර ප්‍රජාවට මසුන් කල්තබා ගැනීම සඳහා අවශ්‍ය සමස්ත අයිස් ප්‍රමාණය මේ වන විට මෙම නිෂ්පාදන කර්මාන්ත ශාලාවල නිපදවන අතර, ශීත ගබඩා පහසුකම් ධීවර වරාය ආශ්‍රිතව පුළුල් කිරීමට ද, ධීවර අමාත්‍යාංශය පියවර ගෙන ඇත. 
     
    මීට අමතරව, ලංකා ධීවර සංස්ථාව තුළ තිබෙන ශීත ගබඩාවල ප්‍රමිතිය වැඩිකිරීමට පියවර ගන්නා ලෙසත්, විශේෂයෙන්ම පෞද්ගලික අංශය සඳහා එම සේවාවන් ලබාදීම තුළින් ආදායම වැඩිකර ගැනීමට ඉලක්ක කරන බවත්, ධීවර අමාත්‍යවරයා පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya