ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    බිමත්ව ධීවර කර්මාන්තයේ නිරතවීම වැලැක්විමටත් නව නීති

    දෙසැම්බර් 06, 2016
    බිමත්ව ධීවර කර්මාන්තයේ නිරතවීම වැලක්වීමට අවශ්‍ය නව නීති හඳුන්වාදීමට අවශ්‍ය පියවර ගන්නා බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පැවසීය.
     
    අමාත්‍යතුමා මේ බව අවධාරණය කළේ බිමත්ව වාහන ධාවන කිරීමෙන් අනතුරු සිදුවන්නා සේම බීමත්ව ධීවර බෝට්ටු පැදවිමේදීත් බහුලව අනතුරු සිදුවන බවත් සාගරයේ සිදුවන එවැනි අනතුරු ජනතාව අතරට එතරම් නොයාම හේතුවෙන් ඊට එරෙහි ජනතා මතයක් ගොඩනැගී නැතැයි ද පෙන්වා දෙයි.
     
    අමාත්‍යවරයා මේ බව පෙන්වා දුන්නේ කකුළුවන් බෝකිරීමේ මඩ පොකුණක් රැකව ප්‍රදේශයේ ආරම්භ කිරීම පිළිබඳ ස්ථානීය පරික්ෂාවකට එක්වෙමිනි.
     
    රාජ්‍ය අමාත්‍යතුමා අවධාරණයේ කලේ එවැනි බෝට්ටු අනතුරුවලදී ජිවිත අනතුරු පවා සිදුවන බවය . එවැනි අනතුරුවලදී බෝට්ටුවලට වන හානිය ඉතා විශාල බව සදහන් කල රාජ්‍ය අමාත්‍යතුමා මෙසේද පැවසීය.
     
    "මුහුදේ සිදුවන අනතුරු වළක්වා ගැනීමට නව නීති හඳුන්වා දීමේ අරමුණ ධීවරයාත් බෝට්ටු හිමිකරුවාත් යන දෙපාර්ශවයම ආරක්ෂා කර ගැනීමයි. පසුගිය දිනවල එවැනි අනතුරු වෙලා තිබුණා. සමහර බෝට්ටු දෙකට කැඩිලා . එවැනි බෝට්ටුවක් ලක්ෂ 100 ක් ලක්‍ෂ 150 විතර වෙනවා . ඉතින් මෙවැනි අනතුරකදී ධීවරගේ පවුල් අනාථ වෙනවා බෝට්ටු හිමිකරු හිඟන්නෙක් තත්ත්වයට වැටෙනවා. ඒ නිසා මේ නව නීති හදුන්වා දිය යුතුයි".
     
    මෙම නීති හඳුන්වා දීම තුළ කාලෝචිත වටිනාකමක් තිබෙන බවත් වෙනසකට පවතින්නේ මහමඟදී අනතුරක් සිදුවුවහොත් ඉක්මනින් රෝහලක් වෙත රැගෙන ගොස් ජිවිත බේරාගත හැකි නමුත් මුහුදේ අනතුරක් සිදු වූ විට එම අවස්ථාව නොමැති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya