ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    සෞඛ්‍ය සන්නිවේදන වැඩමුළුව

    දෙසැම්බර් 22, 2016
    නිවැරදි පෝෂණය පිළිබදව ප්‍රජාව දැනුවත් කිරීම සඳහා සන්නිවේදන කාර්යය ඉටු කිරීමේ දී මාධ්‍ය ක්ෂේත්‍රයේ නියුක්ත වූවන්ගේ දායකත්වය කවරාකාර වූවක් ද යන්න පිළිබඳව සාකච්ඡා කෙරෙන දැනුවත් කිරීමේ වැඩ මුළුවක් ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
    මෙහි ප්‍රධාන දේශනය කොළඹ ශ්‍රි පාලි මණ්ඩපයේ ආචාර්යය ටියුඩර් වීරසිංහ මහතා විසින් සිදු කරන ලදී. මෙහි දී අදහස් දැක් වූ ටියුඩර් වීරසිංහ මහතා සඳහන් කර සිටියේ වත්මන් රූපවාහිනිය අවිඥානිකව අපට බලපෑම් කර සිටින බවිත්, පවුල් සංස්ථාව සහ පිට සමාජය මෙහෙය වීමේ ප්‍රධාන සංකේතය වී ඇත්තේ රූපවාහිනිය බවත් ය.  පශ්චාත් සදාචාරාත්මක අවධියකට මිනිසුන් ප්‍රවිශ්ඨ වී ඇති බවත් එය මානව ගුණ ධර්මතා උදුරා ගැනෙන තත්වයක් නිර්මාණය කර ඇති බවත් ඒ මහතා සඳහන් කලේය. එමෙන් ම ක්‍රිමිනල් මීඩියා (Criminal Media) සමාජය තුළ බරපතල තත්වයක් ඇති කර ඇති බවත් එය වත්මනේ සමාජ අභියෝගයට ලක්ව ඇති බවත් ඒ මහතා සඳහන් කර සිටයේ ය.
     
    ජනතාවගේ පෝෂණය වැඩි දියුණු කිරීමේ කාර්යය සඳහා සෞඛ්‍ය නොවන ක්ෂේත්‍රයේ ක්‍රියාකාරී මැදිහත් වීම අත්‍යාවශ්‍යය. එබැවින් ජනාධිපති ලේකම් කාර්යාලයේ ජාතික පෝෂණ සභාව යටතේ ස්ථාපිත ජාතික පෝෂණ ලේකම් කාර්යාලයේ මැදිහත් වීමෙන් පෝෂණය සඳහා වන බහු ආංශික ක්‍රියාකාරී සැලැස්මට අදාලව  ව්‍යාපෘති ක්‍රියාත්මක වේ. ඒ යටතේ නිවැරදි පෝෂණය හා සෞඛ්‍ය පිළිබඳව එම ක්‍ෂේත්‍රයේ  නියුතු නිලධාරීන් සහ සිවිල් ප්‍රජාව දැන්වත් කිරීමේ වැඩසටහන් මේ වන විට දිවියින පුරා ක්‍රියාත්මකය.
     
    මේ අවස්ථාව සඳහා ගාල්ල දිස්ත්‍රික් මාධ්‍යවේදීන් රැසක් සහභාගී වී සිටිය හ.
     
    AP/DMU-Galle

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya