ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    2016 වර්ෂයේ දී මිරිදිය ධීවර කර්මාන්තයේ 4.1%ක වර්ධනයක්

    දෙසැම්බර් 22, 2016
    2016 වර්ෂය පුරාම දිවයිනේ සෑම පළාතකට ම එකසේ බලපාන ලද දීර්ඝ නියඟයක් පැවැති අතර, ඒ හේතුවෙන් රට අභ්‍යන්තරයේ පිහිටි මිරිදිය ධීවර කර්මාන්තය සඳහා වැදගත් වන ජලාශ විශාල ප්‍රමාණයක් සිදී ගියද එවැනි තත්ත්වයක් යටතේ වුවද මෙරට මිරිදිය ධීවර කර්මාන්තයේ සීග්‍ර සංවර්ධනයක් අත්පත් කර ගැනීමට මිරිදිය ධීවර කර්මාන්තයට හැකි වූ බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කරයි.
     
    පසුගියදා අමාත්‍යාංශයේ පැවැති ප්‍රගති සමාලෝචන රැස්වීමේ දී මිරිදිය ධීවර කර්මාන්තය පිළිබඳ අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව කීය.
     
    ශ්‍රී ලංකාවේ කරදිය හා මිරිදිය ධීවර කර්මාන්ත දෙකම ගත්විට මෙම වසරේ 02%ක පමණ වර්ධනයක් පෙන්නුම් කරයි. එසේ වුවත්, මිරිදිය ධීවර කර්මාන්තයෙන් පමණක් 4.1%ක ඉහළ යාමක් පෙන්නුම් කරන අතර, දැනට මිරිදිය ධීවර කර්මාන්ත සංවර්ධනයට ගෙන ඇති ක්‍රියාමාර්ග හේතුවෙන් 2017 වසරේ දී 08% ඉක්මවන ප්‍රගතියක් මිරිදිය ධීවර කර්මාන්තය තුළින් අපේක්ෂිත බව ද පැවසීය.
     
    2016 වර්ෂයේ ජනවාරි සිට ඔක්තෝබර් දක්වා කාලය තුළ අප රටේ සමස්ත මත්ස්‍ය නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 4,32,270කි. ඉන් මිරිදිය හා ජලජීවි අංශයේ සමස්ත නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 59,040කි. 2015 දී එය මෙට්‍රික් ටොන් 56,700ක් වු අතර, එම වර්ෂයට සාපේක්ෂව 4.1%ක වර්ධනයක් මෙම වසරේ දී පෙන්නුම් කරයි.
     
    වත්මන් රජය යටතේ 2017 වසර සඳහා මිරිදිය ධීවර කර්මාන්තයේ සංවර්ධනයට ක්‍රියාත්මක “වැවක් සමග ගමක්” වැඩ සටහන සඳහා රුපියල් මිලියන 300ක් මධ්‍යම රජය විසින් ද, තවත් රුපියල් මිලියන 300ක් ඉන්දිය රජය විසින් ලබා දී ඇත.
     
    2016 වර්ෂයේ දි සමස්ත මත්ස්‍ය නිෂ්පාදනය සඳහා මිරිදිය ධීවර කර්මාන්තයෙන් ලබා දී තිබෙන දායකත්වය 13.7%කි. ස්වාභාවික පරිසරයෙන් අල්ලා ගන්නා ලද මිරිදිය මසුන් 11%ක දායකත්වයක් ලබා දි තිබේ. මිරිදිය ජලජීවි වගාව 1.7%ක් හා මිරිදිය ඉස්සන් 0.9%ක දායකත්වයක් සමස්ත මත්ස්‍ය නිෂ්පාදනයට ලබා දි තිබේ.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya