ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    සමථ කිරීමේ දක්ෂතා සහ ශිල්පීය උපක්‍රම පිළිබඳව පුහුණු වැඩමුළුවක්

    දෙසැම්බර් 22, 2016
    මාතර දිස්ත්‍රික්කයේ නව සමථකාරවරුන් පත් කිරීම සඳහා සමථ කිරීමේ දක්ෂතා සහ ශිල්පීය උපක්‍රම පිළිබඳව පස් දින පුහුණු වැඩමුළුවක් දෙසැම්බර් 26 දින සිට 30 දින දක්වා සෑම දිනක ම පෙ.ව. 8.30 සිට ප.ව. 4.30 දක්වා කිරින්ද -පුහුල්වැල්ල ප්‍රාදේශිය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ.
    කිරින්ද - පුහුල්වැල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසය සඳහා පිහිටුවා ඇති සමථ මූල මණ්ඩලයේ ධූර හිස් කරනු ලැබූ සමථකාරවරුන් වෙනුවෙන් 1988 අංක 72 දරණ සමථ මණ්ඩල පනතට අනුව මෙම වැඩ මුළුව පැවැත්වේ.
     
    සමථ මණ්ඩල කොමිෂන් සභාවේ මෙහෙයවීමෙන් පැවැත්වෙන මෙම වැඩමුළුව සඳහා ගාල්ල, මාතර හා හම්බන්තොට දිස්ත්‍රික්ක නියෝජනය කරන සමථ පුහුණු නිලධාරීන් සම්පත් දායකත්වය සපයන බව මාතර දිස්ත්‍රික් සමථ පුහුණු නිලධාරී කීර්ති ලියනගේ මහතා පවසයි.
     
    මෙම පුහුණු වැඩමුළුව සඳහා කිරින්ද - පුහුල්වැල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ සමථ මූල මණ්ඩලය වෙනුවෙන් 40 ට ආසන්න පිරිසක් සහභාගි වීමට නියමිත ය.
     
    AP/DMU-Matara
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya