ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    බදු සහන ගොවියා වෙනුවෙන් පාවිච්චි කරනවා

    අගෝස්තු 28, 2014
    වත්මන් රජය ගොවියා වෙනුවෙන් බදු සහන පාවිච්චි කරන බවත් මීට පෙර පැවැති රජයන් විසින් එසේ ගොවියා වෙනුවෙන් බදු සහනයන් යොදාගැනීමක් සිදු නොකළ බවත් ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේය.
     
    පාරිභෝගික ජනතාවට සහන ලබාදීමට රජය සෑම විටම ක්‍රියා කරන බවත් ඒ අනුව පවතින තත්ත්වය අනුව අවශ්‍ය වුවහොත් සහල් ආනයනය කිරීමට කටයුතු කරන බවත් පෙන්වා දුන් රාජපක්ෂ මහතා පවතින අවශ්‍යතාව මෙට්රික් ටොන් 50,000කින් පමණ සපුරාගැනීමට හැකිවෙතැයි ද විශ්වාසය පළ කළේය.
     
    වත්මන් රජය ගොවියාට පමණක් නො ව වී මෝල් හිමියන් සඳහා ද සහන ලබා දී ඇත.
     
    මේ වන විට රට තුළ සහල් පරිභෝජනය ඉහළ අගයක් ගන්නා බවත් සහල් පිටි විවිධ කටයුතු සඳහා යොදා ගැනීමට පෙළඹී ඇති බව පෙන්වා දුන් අමාත්‍යවරයා පසුගිය කාලයේ රට තුළ පැවැති සහල් අතිරික්තය හේතුවෙන් සහල් අපනයනය කිරීමට අවස්ථාව උදා වු බවත් පෙන්වා දුන්නේය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya