ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    නියඟයෙන් පීඩාවට පත් උතුරු මැද සෑම ගොවි පවුලකට ජනපති නියමයෙන් මාසික දීමනාවක්

    සැප්තැම්බර් 05, 2014

    දැඩි නියඟයෙන් පීඩාවට පත් වී සිටින උතුරු මැද පළාතේ සෑම ගොවි පවුලකට ම ජනපති නියමයෙන් මසකට රුපියල් 3000ක දීමනාවක් ලබා දීමට තීරණය කර ඇති බවත් මේ සැප්තැම්බර් සිට ඉදිරියට මාස හයක් සඳහා මෙම සහනාධාරය ලබා දීමට පියවර ගන්නා බවත් උතුරු මැද පළාත් ප‍්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් සමරකෝන් මහතා පැවසීය.


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (04) රුපියල් ලක්‍ෂ දාහතක වියදමින් අනුරාධපුර තිරප්පනේ මීවැල්ලෑව වැව නවීකරණය කිරීමේ කටයුතු අරඹමිනි.

     

    එහිදී ප‍්‍රධාන අමාත්‍යවරයා මෙසේ ද කීය. "නියඟයෙන් පීඩාවට පත් උතුරු මැද පළාතේ ගොවි පවුල් සඳහා මූල්‍ය ප‍්‍රතිපාදන ලබා දෙන ලෙස විශේෂ ව්‍යාපෘති අමාත්‍ය එස්.එම්. චන්ද්‍ර සේන මහතා කරන ලද ඉල්ලීමක් අනුව මෙය ක්‍රියාත්මක කෙරේ. විශේෂ ව්‍යාපෘති අමාත්‍යාංශය හා ආපදා කළමනාකරණ අමාත්‍යාංශය ඒකාබද්ධ ව නිඟයෙන් පීඩාවට පත් එක් පවුලක් සඳහා රුපියල් 3000ක මාසික දීමනාවක් ලබා දීමට තීරණය කළා. 

    සෑම වසරකම ජූනි, ජූලි, අගෝස්තු මාසවල වර්ෂාව නොමැති කමින් රජරට වැව් සිඳී යනවා. යල, මහ කුඹුරු හා හේන් වගාව අඩාල වෙනවා. අපේ රජ දරුවන් විසින් වසර දහස් ගණනකට පෙර ඉදිකළ වැව් මේ වන විට රොන්මඬවලින් පිරී ගිහින්. උතුරු මැද පළාතේ වැව් තුන් දහසක් හාරසීයක් පමණ තියෙනවා. මෙම වැව්වල රොන් මඬ ඉවත් කර ගැඹුරු කිරීමට ගොවිජන සේවා හා වාරිමාර්ග ඉංජිනේරුවන් විරුද්ධ වුවත් ජනාධිපතිතුමා වැව්වල රොන් මඩ ඉවත් කර වැව් ගැඹුරු කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කළා.

     

    මඩ ඉවත් කර ප‍්‍රතිසංස්කරණය කරන ලද උතුරු මැද පළාතේ වැව්වල ජලය රැඳී පවතින බව පැවසූ ප‍්‍රධාන අමාත්‍යවරයා උතුරු මැද වැව් නවීකරණය කිරීමේ දී මූල්‍ය වංචා සිදු වූ කාල වකවානුවක් තිබුණා. මා මහ ඇමැති වූවාට පසු වංචා, දූෂණ, නාස්තිය, හොරකම අවසන් කළා.  රජයෙන් ලබා දෙන සෑම ශතයක් ම විනිවිද භාවයෙන් සංවර්ධන කටයුතු සඳහා යොදවන යුගයක් තමා විසින් නිර්මාණය කළ බව ද උතුරු මැද පළාතේ නියඟයෙන් සිඳී ගිය වැව් සිය ගණනක් මේ වන විට ප‍්‍රතිසංස්කරණය කෙරෙන බවත් ඒ සඳහා මධ්‍යම රජය, පළාත් සභාව හා විදේශ රාජ්‍යයන් මූල්‍ය ප‍්‍රතිපාදන ලබා දී ඇති බවත් කීය.



    මෙම අවස්ථාවට පළාත් සභා මන්ත‍්‍රීවරුන් වන සරත් ඉලංගසිංහ, කේ.පී.එස්. කුමාරසිංහ මහත්වරු ද සහභාගි වූහ.



    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya