ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    තවදුරටත් ලංකා විදුලිබල මණ්ඩලය ණය ආයතතනයක් නොවේ

    සැප්තැම්බර් 07, 2014
    අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ දූරදර්ශී නායකත්වය යටතේ, ලංකා විදුලිබල මණ්ඩලය අද, ජනතාවට සහන සලසන ජනතාවාදී ආයතනයක් බවට පත්වී ඇති බවත්, ඒ අනුව තවදුරටත් එය, ණය ආයතනයක් බවට පත් නොවන බවත්, විදුලිබල හා බලශක්ති අමාත්‍ය, නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ප්‍රකාශ කළාය.
     
     
    අමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළේ, පසුගියදා රත්නපුර දිස්ත්‍රික්කයෙන් ආරම්භ වූ, ග්‍රාමීය අඩුආදායම්ලාභී ජනතාවගේ නිවාස සඳහා විදුලිය සම්බන්ධතා ලබාගැනීමේ ණය ආධාර වැඩසටහනට සහභාගි වෙමිනි.
     
    සබරගමුව පළාත්සභා ශ්‍රවණාගාරයේ පැවති මෙම සමාරම්භක අවස්ථාවේදී, අඩු ආදායම්ලාභී නිවාස හිමියන් 1300 කට පමණ ණය ලබාදීම සිදුකරන ලදී.
     
    2014 වසර ඇතුළත දිවයිනේ සියලු නිවාස සඳහා විදුලිය සම්බන්ධතා ලබාදීමේ වැඩසටහන වේගවත් කිරීම සඳහා අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ මඟපෙන්වීම මත මෙම සහන ණය ක්‍රමය ආරම්භ කළ බවත් විදුලිබලය මානව හිමිකමක් ලෙස සලකා සියලු දෙනාට විදුලිය ලබාදීම රාජ්‍ය ප්‍රතිපත්තිය කරගත් එකම රජය වත්මන් රජය බවත් පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කියා සිටියාය.
     
    "මම අමාත්‍යංශය භාරගැනීමෙන් අනතුරුව ගමට විදුලිය දෙනවා වගේම සෑම නිවසක් ඉදිරිපිටටම විදුලි කණුවක් සිටුවන එක ලංකා විදුලිබල මණ්ඩලය මඟින් කරන්න ඕන කියලා ප්‍රගතිශීලී තීන්දුවක් ගත්තා.
    එදා ජනාධිපතිතුමා මට දුන්න වගකීම තමයි, 2014 අවසන් වෙද්දි දිවයිනේ සෑම ගෙදරකම ලයිට් එකක් පත්තු වෙන්න ඕන කියලා. අපට ගම්වලට ගියාම තේරුණ දෙයක් තමයි ගමට විදුලිය ආවත් කණුවේ ඉඳලා නිවසට විදුලිය ලබාගන්න එකත් අපහසුයි අපේ දුප්පත් ජනතාවට. සමහරුන්ට තමන්ගේ නිවස වයරින් කරගන්නත් මුදල් නැහැ. ඒ සඳහා වැය වෙන මුදල ඔවුන්ට දෙන්න කෙනෙක් නැහැ. ආයතනයක් නැහැ. ඒ ගැටළුවට විසදුම් සොයද්දි තමයි, කණුවේ සිට නිවසට විදුලිය ලබාගන්නත්, නිවස වයරින් කරගන්නත් යන වියදම ලංකා විදුලිබල මණ්ඩලයෙන් ලබා දීල, වසර 06ක් ඇතුළත, මාසික වාරික  72ක් මගින්, සතයකවත් පොලියක් නැතිව, විදුලි බිලත් සමඟ ගෙවිලා ඉවරවෙන විදිහට අපට ජනතාවට මෙම ණය මුදල ලබාදෙන්න හැකි වුණේ".
     
    "මෙම ප්‍රගතිශීලී කටයුත්තට උපදේශකත්වය ලබාදීම සම්බන්ධයෙන් අපි අපේ අතිගරු ජනාධිපතිතුමන්ට මේ අවස්ථාවේදී කෘතවේදීත්වය පල කළ යුතුයි. රටට, ජනතාවට මහත් ආදරයකින්, පියතුමෙක් වගේ සලකන අපේ ජනාධිපතිතුමාට අපගේ ප්‍රණාමය හිමිවිය යුතුයි".
     
    "විදුලිය කියන්නේ මහ පුදුම දෙයක්. අද ලංකාවේ අස්සක් මුල්ලක් නෑරම විදුලිය තියෙනවා. මේ වසර අවසන් වෙද්දි ලංකාවේ විදුලි සැපයුම 100% ක් බවට පත්කරන්න හැකිවෙනවා. ඉන්දියාව, නේපාලය, පාකිස්ථානය, චීනය වගේ මේ කලාපයේම රටවල මේ වනවිටත් 100 %ක අඛණ්ඩ විදුලි සැපයුමක් නැහැ. නමුත්, අතිගරු ජනාධිපතිතුමා මට ඒ ඉලක්කය දුන්නා. මම මගේ නිලධාරීන්ට එම ඉලක්කය කිව්වාම, ඔවුන් ඒ ඉලක්කය කරා යන්න අද වැඩකරනවා" යැයි ද අමාත්‍යවරිය වැඩිදුරටත් කීය.
     
    මෙම අවස්ථාවට සබරගමුව පළාත් සභාවේ සභාපති කංචන ජයරත්න, සබරගමුව පළාත් සභා අමාත්‍ය රංජිත් බණ්ඩාර, ලංකා විදුලිබල මණ්ඩලයේ උප සභාපති මහාචාර්ය කපිල පෙරේරා, සාමාන්‍යාධිකාරි ශවින්ද්‍රනාත් ප්‍රනාන්දු යන මහත්වරුන් ඇතුළු ලංකා විදුලිබල මණ්ඩලයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් ද, රත්නපුර දිස්ත්‍රික්කයේ පළාත් සභා සහ ප්‍රාදේශීය සභා නියෝජිතයන් ද සහභාගී වූහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya