ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    2014 / 2015 මහ කන්නය සඳහා බිත්තර වී නොමිලේ ලබාදීමේ වැඩසටහනක් නවගත්තේගම දී

    නොවැම්බර් 25, 2014
    අයවැය යෝජනා ක්‍රියාත්මක කරමින් 2014/2015 මහ කන්නය සඳහා නියඟයෙන් විපතට පත් ගොවීන් සඳහා නොමිලේ බිත්තර වී මුදල් ප්‍රදාන‍ය  සිවිල් ගුවන්සේවා අමාත්‍ය පියංකර  ජයරත්න මහතා සහ පුත්තලම දිස්ත්‍රික් ලේකම් එම්. කිංස්ලි ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ නවගත්තේගම  ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ කැලේවැව විජය විද්‍යාලයේ දී පසුගියදා සිදුකෙරිණි.
     
    ඉඟිනිමිටිය, තබ්බෝව වාරිමාර්ග ව්‍යාපාර යටතේ කෙත් සරු කරන අමුණුගම, කැලේවැව හා තරණගහවැව ගම්මානවල ගොවීන් 376 දෙනෙකු සඳහා රුපියල් 2,583,700/- ක  මුදල් චෙක්පත් මෙහි දී ප්‍රදානය කෙරිණි. මෙම ප්‍රදේශවල කුඹුරු අක්කර 923ක් සඳහා අවශ්‍ය වන  බිත්තර වී  බුසල් 1,845ක් සඳහා මෙම මුදල් ලබා දෙන ලදී. 
     
     
    ඒ යටතේ අක්කර 1ක් සඳහා රුපියල් 2,800ක  චෙක්පතක්  පුද්ගලික ගිණුමට බැර වන සේ  ගොවීන් හට ලබා දුන්නේය. ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව මඟින් නියඟයෙන් පීඩාවට පත් ගොවීන් නිවැරදි ලෙස හඳුනා ගනිමින්, මෙහි ප්‍රථම වැඩසටහන ලෙස මෙම නවගත්තේගම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයෙන් ආරම්භ කළ අතර එය දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රදේශීය ලේකම් කොට්ඨාසවල ක්‍රියාත්මක කිරීමට කටයුතු  සංවිධානය කර ඇත. ඒ අනුව ඉදිරියේදී දිස්ත්‍රික්කයේ සියලු ම ගොවීන් සඳහා බිත්තර වී සහනාධාරය ලබාදීමට කටයුතු කෙරේ.
     
     
    මෙම වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා පුත්තලම දිස්ත්‍රික් ලේකම්තුමාගේ අධීක්ෂණය  යටතේ ගොවිජන සංවර්ධන සහකාර කොමසාරිස්වරිය , ගොවිජන සංවර්ධන නිලධාරීන් ,කෘෂි පර්යේෂණ නිෂ්පාදන හා සහකාර නිලධාරීහු සිය දායකත්වය සැපයූහ.
     
     
    SDF/JHS_dmu_puttalam

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya