ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    ජනාධිපතිවරණය සඳහා මාතර දිස්ත‍්‍රික්කයේ සියලු කටයුතු සූදානම්

    ජනවාරි 07, 2015
    හෙට (08) පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා මාතර දිස්ති‍්‍රක්යේ සියලු ම කටයුතු සූදානම් බව මාතර දිස්ති‍්‍රක් තේරීම්භාර නිලධාරී/මාතර දිස්ති‍්‍රක් ලේකම් ඊ.ඒ.සී. විදානගමාච්චි මහත්මිය පැවසුවා ය.
     
    ජනාධිපතිවරණ ඡන්ද විමසීමේ කටයුතු හෙට උදෑසන 7.00ට ආරම්භ කිරීමට නියමිත අතර ඒ සඳහා සහභාගී වන නිලධාරීන් ඡන්ද පෙට්ටි ද සමඟ මේ වන විට අදාළ ඡන්ද මධ්‍යස්ථාන වෙත පිටත්කර යවා ඇත. එම කටයුතු අද (07) පෙ.ව 10.00 පමණ වන විට අවසන් කර ඇත.
     
     
    මාතර දිස්ත‍්‍රික්කයේ ඡන්ද ප‍්‍රකාශ කිරීම මධ්‍යස්ථාන 455 දී සිදු කෙරෙන අතර ඡන්ද විමසීමේ කටයුතු සඳහා රජයේ නිලධාරීන් 8,776ක් සහ පොලිස් නිලධාරීන් 2,200ක් යොදවා තිබේ. ඡන්ද දායකයින් 623,818 දෙනෙකු මෙවර ජනාධිපතිවරණය සඳහා ඡන්දය ප‍්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටිති.
     
     
    ඡන්ද ගණන් කිරීමේ කටයුතු මාතර සුජාතා බාලිකා මහා විද්‍යාලයේ දී සිදු කෙරෙන අතර එහි ද සියලු ම කටයුතු ද මේ වන විට සූදානම් කර ඇති බව ඇය සඳහන් කළාය.
     
    NDH/TI-dmu matara

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya