ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    ග‍්‍රාමීය පාසල්වල පහසුකම් කඩිනමින් වැඩිදියුණු කරනවා

    පෙබරවාරි 27, 2015
    දරුවන්ගේ අනාගතය උදෙසා අධ්‍යාපන ක්ෂේත‍්‍රයට වෙන් කරන රාජ්‍ය ප‍්‍රතිපාදනය වැඩිකරන ලෙස ඉල්ලා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට හා රටේ බුද්ධිමතුන්ට පාරට බැස උද්ඝෝෂණය කරන්නට සිදු වූ අවාසනාවන්ත යුගය යළි උදා නොවන පරිදි සමස්ත අධ්‍යාපනය දියුණු කිරීම රජයේ ප‍්‍රමුඛ කාර්යක් සේ සලකමින් ආරම්භ කළ නව වැඩපිළිවෙළ හා ප‍්‍රතිපාදන ලබා දීම තුළින්, විශේෂයෙන් ග‍්‍රාමීය පාසල්වල පහසුකම් කඩිනමින් වැඩි දියුණු කිරීමට හැකි වනු ඇතැයි ජනමාධ්‍ය හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.
     
    අමාත්‍යවරයා එම අදහස් පළ කළේ පසුගියදා ගාල්ල දිස්ත‍්‍රික්කයේ ඇල්පිටිය අධ්‍යාපන කොට්ඨාසයේ නවදගල මහා විද්‍යාලයේ අභිනවයෙන් ඉදිකළ පන්ති කාමර ගොඩනැගිල්ල විවෘත කිරීමෙන් උත්සවයේදී අදහස් දක්වමිනි.
     
    ලෝක බැංකු ආධාර යටතේ දකුණු පළාත් සභාවේ අධීක්ෂණයෙන් මුල්ගල් තබා ආරම්භ කළ මෙම ගොඩනැගිල්ලේ ඉදිකිරීම් නිමකිරීම සඳහා රුපියල් ලක්ෂ 47ක් වැය කර තිබේ. 
     
    විද්‍යාලයේ වෙබ් අඩවිය සහ පරිගනකාගාරය විවෘත කිරීම ද අමාත්‍යවරයා අතින් සිදු විය.
     
    තවදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා, වසර 35කට පසුව මෙම විද්‍යාලයට ලැබුණු නව ගොඩනැගිල්ල නිසා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වැඩි පහසුවකින් යුතුව කරගෙන යෑම සඳහා ඉඩකඩ ලැබී තියෙනවා. අධ්‍යාපනය දීර්ඝ කාලීන ආයෝජනයක්. හොඳම දේ දරුවන්ටයි යන ප‍්‍රකට කියමන අර්ථවත් කරමින් වර්තමාන රජය අධ්‍යාපනයේ දියුණුව උදෙසා ප‍්‍රතිපාදන ලබා දීම සහ ප‍්‍රතිපත්තිමය තීරණ රැසක් ගෙන තිබෙනවා. වර්තමාන පාසල් පද්ධතිය තුළ තරගකාරීත්වය ආරෝපණය වී තිබීම හොඳ මෙන්ම නරක ප‍්‍රතිඵල ද ගෙන දෙන්නක්. දරුවන්ට පතපොත දැනුම පමණක් ලබා දීමෙන් අධ්‍යාපන ක‍්‍රියාවලිය සම්පූර්ණ වන්නේ නැහැ. සීලාචාර ගති පැවතුම්, ගුණධර්ම දරුවන්ගේ ජීවිතවලට හුරුපුරුදු කිරීම පාසලට පමණක් සීමා නොකොට එය දෙමාව්පියන්ගේ වගකීමක් ලෙස සිතා කටයුතු කිරීම ද අත්‍යවශ්‍ය වෙනවා.
     
    වසර 35ක් වැනි දීර්ඝ කාලයකට පසුව මෙම පාසලට නව ගොඩනැගිල්ලක් ලබා දීමට දකුණු පළාත් සභාව කළ මැදිහත්වීම වැදගත් වෙනවා. දින 100 වැඩසටහන තුළ ජනතාවට පොරොන්දු වූ සියලු කරුණු ඉටු කරනවා. ඊට පසුව පිහිටුවන ශක්තිමත් රජයේ පාලන කාලය තුළ මේ පාසලට පමණක් නොව, සමස්ත අධ්‍යාපන විෂයම විධිමත්ව නව ප‍්‍රවේශයකට යොමු කරන බව ද ප‍්‍රකාශ ඔහු ප්‍රකාශ කළේය.
     
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya