ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    මැදපෙරදිග සේවය කරන ශ්‍රී ලාංකීය කාන්තාවන් කෙරෙහි රජයේ අවධානය යොමු වෙයි

    මාර්තු 09, 2015

    මේ රටේ කාන්තාවන් මැදපෙරදිග වහල් සේවයට යාම සම්පූර්ණයෙන් ම නතර කරලීම තමන් තුළ ඇති සිහිනයක් බවත් එය යථාර්තයක් කරලීමට හැකි සෑම උත්සාහයක්ම ගන්නා බවත් අධිකරණ හා කම්කරු සබඳතා අමාත්‍ය නීතිඥ විජේදාස රාජපක්ෂ මහතා පැවසීය.


    අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ ඊයේ (08) කම්කරු අමත්‍යාංශය ඇඟලුම් ක්ෂේත්‍රයේ රැකියාවල නියුතු තරුණියන් උදෙසා සංවිධානය කළ "කාන්තාවන් උදෙසා යහපත් රටක්" උත්සව අවස්ථාවට එක්වෙමිනි.

    මේ රටේ මව්වරුන් ලක්ෂ 20ක් පමණ මැදපෙරදිග සේවයේ යෙදෙන බව පවසන අමාත්‍යවරයා රටට ලැබෙන ඩොලර් ප්‍රමාණය විශාල වූවත් එම ඩොලර් මතින් සමාජය නොමගට පත් වන බව පෙන්වා දුන්නේය.

    එහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, මේ ඛේදවාචකයෙන් අපේ රටේ පවුල බේරාගැනීම රජයට ඇති විශාල අභියෝගයක්. ඒ සඳහා ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගත යුතුයි. පියා තම දියණිය නොහඳුනන තත්ත්වයට අද රට පත් වී තිබෙනවා. මවක් දරු පවුලෙන් ඈත් වූ විට ඒ දරුවන් හොඳ මාර්ගයට ප්‍රවිශ්ඨ වීමේ ඉඩ මදකම පෙන්වා දෙන අමාත්‍යවරයා විදේශ ගත වූ කාන්තාවන් අපමණ දුක් ගැහැටවලට මුහුණ දෙන බවත් එලෙස එවන මුදලින් මත්පැන්, කුඩුවලට ස්වාමිපුරුෂයන් ඇබ්බැහි වීමෙන් පවුල බිඳ වැටීමක් සිදු වෙනවා.

    කාන්තා දිනය කියන්නේ කාන්තාවන් සුරක්ෂිත කළ යුතු බවට පණිවිඩයක් ලබා දීම පමණක් නොවන බව පවසන අමාත්‍යවරයා කාන්තාවකට ගරු කරන්නේ නැතිව රටක් ලෙස ඉදිරියට යාමට නොහැකි බව කීය. වසරේ එක් දවසක් වෙන් නොකර ජීවිතේ හැමදාම කාන්තාවන් වෙනුවෙන් වෙන් කරන්නේ නම් මේ රට ගෞරවනීය රටක් බවට පත් කර ගත හැකියි.

    රටට කුඩු ගෙන එන ප්‍රමුඛතම දස දෙනා අල්ලා දඬුවම් දීමට හැකි වුවහොත් ලක්ෂ ගණන් කුඩු සඳහා සිරගත වන පිරිස නවතාලිය හැකියි. එමඟින් මේ රටේ පවුල් සංස්කෘතිය රැකගැනීමට මහත් රුකුලක් ලබා දෙනවා. මෙලෙස සිදු කරලීමෙන් පවුල තුළ කුඩු සංස්කෘතියට ගොදුරු වූ ස්වාමිපුරුෂයන්, දරුවන් සිටිනා කාන්තාවන්ට මහත් අස්වැසිල්ලක් ලැබෙනවා.

    එසේම 45%ක් ම සිරගතව සිටින්නේ මත්කුඩු චෝදනාවලටයි. ඔවුන් සඳහා රජය විශාල මුදලක් වැය කරනවා. නරක මිතුරු ඇසුර නිසා මත්කුඩු සඳහා ඇබ්බැහිවූවන් මෙන්ම මත්කුඩු සිල්ලරට අලෙවි කරන්නන් අල්ලා සිරිගත කිරිමට අපේ රටේ නීතිය ක්‍රියාත්මක වූ බවත් කුඩු ගෙන එන මහා පරිමාණ ජාවාරම්කරුවන් රාජ්‍ය අනුග්‍රහය මත සිටි බවත් ඔහු තවදුරටත් කියා සිටියේය.

    මත්කුඩු තොග වශයෙන් මෙරටට ගෙන එන සියලු ජාවාරම්කරුවන් නීතියේ රැහැනට හසු නොවේ. මෙතෙක් කුඩු සඳහා අත් අඩංගුවට ගත් යාන්ත්‍රණය වන පහළ සිට ඉහළට නීතිය ක්‍රියාත්මක වීම වෙනුවට ඉහළ සිට පහළට නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. මින් සමාජයේ පවුල් කුටුම්භය රැකගැනීමට හැකි වෙනවා. මත්කුඩු සමාජයෙන් සඳහටම තුරන් කිරීමට රජය ගත හැකි සෑම පියවරක්ම ගත්නා බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

    මෙම අස්ථාවට අධිකරණ හා කම්කරු සබඳතා අමාත්‍යාංශයේ ලේකම් කමලිනි ද සිල්වා, කම්කරු කොමසාරිස් ජනරාල් හේරත් යාපා ඇතුලු නිලධාරීන් සහ ඇඟලුම් සේවිකාවන් විශාල පිරිසක් ද එක් වූහ.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya