එළඹෙන අලුත් අවුරුදු සමයේ කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල සිට දුරබැහැර ගම්බිම් බලා යන සහ එන මගීන් වෙනුවෙන්, ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය, ජාතික ගමනා ගමන කොමිෂන් සභාව, මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරීන් වලට අයත් බස් රථ සහ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව එක් කරගනිමින් ප්‍රවාහන අමාත්‍යාංශය විසින් විශේෂ ප්‍රවාහන සැලැස්මක් සකස්කර ඇත.
දිවයිනට නැඟෙනහිර දෙසින් පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් ඉදිරි දින කිහිපයේ (08, 09 සහ 10 දිනවල) දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි තත්ත්වයේ වර්ධනයක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
2022 වර්ෂයේ සිංහල හා හින්දු අළුත් අවුරුදු සමය වෙනුවෙන් මගීන්ගේ ගමන් පහසුව තකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් 2022.04.08 දින සිට 2022.04.18 වන දින දක්වා දැනට ධාවනවය වන දුර ගමන් සේවා දුම්රියයන්ට අමතරව විශේෂ දුම්රිය ධාවන සැලැස්මක් ක්‍රියාත්මක කෙරෙන බව දුම්රිය සාමාන්‍යධිකාරී ධම්මික ජයසුන්දර මහතා අද (08) මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත.
පාර්ලිමේන්තුවේ ඊයේ (07) සම්මත වූ අධිභාර බද්ද පනත් කෙටුම්පතට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සිය සහතිකය අද පෙරවරුවේ ( 08) සටහන් කළේය.