එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුදු වෙනුවෙන් කොළඹ හා තදාසන්න නගර වල සිට දුර බැහැර ගම්බිම් කරා යන සහ ආපසු පැමිණෙන මගී ජනතාවගේ පහසුව සඳහා පුළුල් ප්‍රවාහන සැලැස්මක් ප්‍රවාහන අමාත්‍යාංශය මූලිකත්වයෙන් ඉදිරි දින කිහිපයේ දී ක්‍රියාත්මක වේ.
රට තුළ ඇතිවී තිබෙන ආර්ථික අර්බුදය විසඳීමට තමන්ට හැකි බව දැඩිව විශ්වාස කරන බවත්, එම හැරවුම් ලක්ෂය ඉදිරි මාස කිහිපය තුළ දී ඇති කරගත හැකි වනු ඇති බවත්,ඒ සඳහා දේශපාලන ස්ථාවරභාවය සහ සමාජයීය ස්ථාවරභාවය අත්‍යවශ්‍ය සාධකයක් බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ නව අධිපතිවරයා ලෙස පත් වූ ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.
මීළග පාර්ලිමේන්තු සතිය අප්‍රේල් 19 සිට 22 දක්වා - පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කරයි
දිවයින ආශ්‍රිතව පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේ තව දුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.