ප්‍රජාත්‍රන්තවාදී ලෙස රජයට බලපෑම් කිරීමේ අයිතිය ජනතාවට තිබෙන බවත් එහෙත් ගෑස්, කිරි පිටි, විදුලිය ඉල්ලා උද්ඝෝෂණයේ යෙදෙන අහිංසක මිනිසුන් පිටුපස ප්‍රචණ්ඩත්වය ක්‍රියාත්මක කරන කණ්ඩායම්ද සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා ඊයේ(07) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
ඉන්ධන සහ ගෑස් බෙදා හැරීම තව දින කිහිපයකින් යථාතත්වයට පත් කළ හැකි බවත්, ඒහෙත් බලාගාර වල තිබෙන ධාරිතාව අනුව විදුලිය පැය 24 පුරාම ලබා දීමට නම් තව සති දෙකක පමණ කාලයක් ගත වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී කංචන විජේසේකර මහතා පැවසීය.
පාලනය කරගත නොහැකි ස්වභාවික විපත් නිසා 2021 යල කන්නයේ වී, බඩඉරිඟු, සෝයා, අර්තාපල්, ලොකු ළූණු හා මිරිස් වගාවන්ට සිදු වූ හානි වෙනුවෙන් ගොවීන්ට වන්දි ගෙවීමට කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පියවර ගෙන ඇති බව එහි අධ්‍යක්ෂ ජනරාල් පණ්ඩුක වීරසිංහ මහතා පවසයි.