මහරගම ශ්‍රී ප්‍රඥානන්ද මහ පිරිවෙන් විහාරස්ථානයේ, අභිනවයෙන් ඉදිකිරීමට යෝජිත දාන ශාලාව සහිත බහුකාර්ය මන්දිරයට අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින්, මුල්ගල තැබීම 02 දින සිදු කරනු ලැබීය.
ශ්‍රී ලංකා නාවික හමුදාව, මන්නාරම තොට්ටක්කාඩු ප්‍රදේශයේ අප්‍රේල් මස 02 වන දින රාත්‍රියේ මන්නාරම පොලිස් කොට්ටාශ දූෂණ මර්ධන ඒකකය සමඟ එක්ව සිදුකළ සෝදිසි මෙහෙයුමකදී, අයිස් මත්ද්‍රව්‍ය (Crystal Methamphetamine) ග්‍රෑම් 563ක පමණ ප්‍රමාණයක් සමඟ සැකකරුවකු (01) නීතියේ රැහැනට හසු කර ගැනීමට කටයුතු කෙරිණි.
උතුරු සහ නැගෙනහිර පළාත්වල හැර දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
අග්‍රාමාත්‍යතුමා ධුරයෙන් ඉල්ලා අස්වන බවට පළවන වාර්තා අසත්‍යයයි