මෙරට ආහාර සුරක්ෂිතභාවය සම්බන්ධයෙන් ගැටළුවක් ඇති නොවන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා (24) පාර්ලිමේන්තුවේ දී අවධාරණය කළේය.
එළඹෙන සිංහල දෙමළ අලුත් අවුරුද්ද සඳහා ජනතාවට අවශ්‍ය සියලු භාණ්ඩ අඩුවක් නැතිව සැපයීම සඳහා රජය පියවර ගෙන ඇතැයි සමෘද්ධි ගෘහ ආර්ථික ක්ෂුද්‍ර මූල්‍ය ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා (23 දිආ පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.
මෙගාවොට් 350ක ධාරිතාවයකින් යුත් "සොබාධනවි" ස්වභාවික ද්‍රවිකෘත වායු (LNG) විදුලි බලාගාරය වලින්ලබන වසර වනවිට මෙගාවොට් 200 ක් ජාතික විදුලි පද්ධතියට එක්කිරීමට බලාපොරොත්තු වන බව විදුලිබල අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.
බොරැල්ල ජාතික ආයුර්වේද රෝහලේ අලුතෙන් ඉදිකරන ලද අට මහල් වාට්ටු සංකීර්ණය (24) පෙරවරුවේ ජනතා අයිතියට පත් කෙරිණි.