ඩෙංගු මර්දනය සෞඛ්‍ය අමාත්‍යංශයට පමණක් කළහැකි දෙයක් නොවන බවත්, අනෙකුත් අමාත්‍යංශ වලට සෑම ආයතනයකටම මෙන්ම ජනතාවටත් වගකීමක් පවතින බවද ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ප්‍රකාශ කළේ ය.
රටට සහ ජනතාවට සෙත් පතා ආරක්ෂක අමාත්‍යාංශය වාර්ෂිකව සංවිධාන කරන “ජය පිරිත් සඡ්ඣායනය” ඊයේ (26) පස්වරුවේ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.
කාබනික පොහොර නිෂ්පාදනය කරන අනුරාධපුරයේ ව්‍යවසායකයින්ගේ වැඩ බිමි පරික්ෂා කිරීම අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ජනක ජයසුන්දර මහතා විසින් සිදුකරනු ලැබී ය.