වසර ගණනාවක් තිස්සේ කිසිඳු සංවර්ධනයකට ලක් නොවූ ප්‍රදේශ හා නගර ඉලක්ක කරගෙන සියක් නගර සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කරන ලෙසට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් ලබා දී තිබෙන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.
ඉන්ධන මිල මෙන්ම බස්රථ අමතර කොටස්වල මිල ගණන් වර්තමානයේ ඉහළ යෑමත් සමග ඊට සාපේක්ෂව පෞද්ගලික බස් රථ ගාස්තු සංශෝධනයක අවශ්‍යතාවය පිළිබඳ, පෞද්ගලික බස් රථ හිමියන් ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා හමුවී දැනුවත් කරන ලදී.
ඌව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ නව ගොඩනැගිල්ල 28දින අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධණ මහතා හා කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණ