ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2021 වසරේ දෙසැම්බර් මස 22වන දින ප්‍රකාශයට පත් කළ පරිදි අපේක්ෂිත විදේශ මුදල් ගලා ඒම සිදුවෙමින් පවතින අතර, මෑත කලීනව සිදු වූ ලැබීම් සමඟ නිල විදේශ සංචිත තත්ත්වය මේ වන විට එ.ජ. ඩොලර් බිලියන 3.1ක් පමණ දක්වා ළඟා වී ඇති බව සහ 2021 වසර අවසන් වන විට ද එම මට්ටමේම පවතිනු ඇතැයි අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව මහජනතාවට දැනුම් දෙයි.
සම්ප්‍රදායික පොතේ ගුරුවාදී න්‍යායන්ගෙන් බැහැරව, පශ්චාත් කොවිඩ් සමයේ ආර්ථික ප්‍රශ්නවලට මුහුණදීම 2022 වර්ෂයේ ආණ්ඩුවේ අභියෝගය බවට පත්ව ඇතැයි අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ ය.
පුරාවිද්‍යාව සහ සංචාරක කර්මාන්තය එකට එක්ව කටයුතු කළහොත් මෙරට සංචාරක කර්මාන්තය තවදුරටත් දියුණු කර ගත හැකි බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පැවසුවාය.
මගි ගුවන් මෙහෙයුම් මෙන්ම ගුවන් බහාලුම් ප්‍රවාහන සේවා ද පුළුල් කිරීමට ශ්‍රී ලංකන් ගුවන් සමාගම සුදානම් වෙයි.