2021 වර්ෂයේ ඩෙංගු මරණ යම් අඩු වීමක් දක්නට ලැබුනත් ඉකුත් නොවැම්බර්- දෙසැම්බර් මාස දෙක තුළ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව දෙගුණ වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාවේ ස්වාභාවික ජල මූලාශ්‍ර සංරක්ෂණය මගින් සුරකිමු ගංගා වැඩ සටහන සඳහා විශාල දායකත්වයක් ලබා ගත හැකිය. ඒ සඳහා ඉඩම් අමාත්‍යාංශය විසින් ජලමූලාශ්‍ර සංරක්ෂණය හා ආරක්ෂාව සඳහා පත් කර තිබෙන අන්තර් අමාත්‍යාංශ කමිටුව නැවත සක්‍රිය කළ යුතු යැයි පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය.
ආර්ථික අග හිඟකම් මැද ජීවිතය ජය ගැනීමට වෙර දරණ සමෘද්ධිලාභී පවුල්වල නිවාස සිහිනය සැබෑ කිරීම උදෙසා සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක සෞභාග්‍යා නිවාස ව්‍යාපෘතිය යටතේ කැලණිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ඉදි කරන ලද නිවාස 05 ක් විවෘත කිරීම කැලණිය ප්‍රාදේශීය ලේකම් නදීශානි අමරසිංහ මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද (29) දින සිදු කෙරිණ.
ප්‍රවාහන පහසුකම් නොමැති අති දුෂ්කර හඳුනාගත් ග්‍රාමීය ප්‍රදේශ වල පාලම් 200 ක් සංවර්ධනය කිරීමට පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ උපදෙස් මත සැලසුම් කර ඇත.