ලබන්නා වූ නව වසරට ආශිර්වාද ලබාගැනීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා ඓතිහාසික කිරිවෙහෙර අභියස ආගමික වතාවත්හි නිරත වූහ.
ශ්‍රී ලාංකික ඔබ සැමට නැවුම් බලාපොරොත්තු සහ ප්‍රාර්ථනා මල්ඵල ගැන්වෙන සුබ නව වසරක් වේවා!
සුභාශිංසන පණිවුඩය-
නිපුණතා සහිත ශ්‍රමිකයන් බිහි කිරීමේ අරමුණින් ඇරඹි තවත් එක් පියවරක් ලෙස මෙරට වෘත්තීය පුහුණුව බලාපොරොත්තුවෙන් සිටින තරුණ තරුණියන් හට දියමන්ති කැපීම් ක්ෂේත්‍රයේ (Diamond Cutting) කෙටි කාලීන පුහුණුවකින් පසු රැකියාලාභියෙකු බවට පත් කිරීමේ අරමුණින් (30) පානදුර පිහිටි ඩයමන්ඩ් කටර්ස් ආයතන පරිශ්‍රයේ දී ජාතික වෘත්තීය පුහුණු අධිකාරිය සහ ඩයමන්ඩ් කටර්ස් සමාගම අතර අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීම නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.