ණය ප්‍රතිව්‍යුහගතකිරීමෙන් තොරව රට ඉදිරියට ගෙන යා නොහැකි බව ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
ඌව පළාතේ වෘත්තීය මාධ්‍යවේදීන් දැනුවත් කිරීම සඳහා ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් සංවිධානය කරන “විදේශ රැකියා ක්ෂේත්‍රයට දැනුවත් මාධ්‍ය ප්‍රවේශයක්” වැඩමුළුව හෙට දින ( 26) ඌව පළාත් විගමණික සම්පත් මධ්‍යස්ථානයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.
දරුවන්ට රැකවරණය දෙන වැඩපිළිවෙලක් සකස් කරන බවත් ඉදිරියේ දී සමාජ බුද්ධි ඒකකයක් සැකසීමට බලාපොරොත්තු වන බවත් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි.
ගොවි ජනතාවට තරගකාරී මිලක් යටතේ සියලු පොහොර මිල දී ගැනීමේ වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට සහ රජය මගින් ලබා දෙන ගොවි සහන සඳහා අවශ්‍ය තරම් මුදල් ප්‍රතිපාදන ලබා දීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබා දී ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.