සංචාරකයින් ලංකාවට පැමිණෙන්නේ අපේ රටේ පුරා විද්‍යාත්මක ස්ථාන නැරඹිමටත් , ස්වභාව සෞන්දර්යය නැරඹිමට බවත් ඒ සඳහා නව වැඩ පිළිවෙළක් ලෙස බුදුරුවගල වැව ආශ්‍රිතව බෝට්ටු සේවාවක් ආරම්භ කිරිමට කටයුතු යෙදු බවත් බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසයි.
පසුගියදා චීන රජය විසින් ශ්‍රී ලංකාවේ ධීවරජනතාව වෙත නොමිලයේ බෙදාදීමට ලබාදුන් භූමිතෙල් ධීවර ජනතාව වෙත බෙදාදීම හෙට (23) පෙරවරු 08 ට පානදුර ධීවර වරායේදී සිදුකිරීමට නියමිතය.
යල කන්නයේ වී වගා කරන ගොවීන් හයලක්ෂ පනස් දහසකට පොහොර මිල දී ගැනීම සඳහා සහනාධාර වවුචර්පත් නිකුත් කිරීම අද (22) ආරම්භ කරන බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.