බඩ ඉරිඟු ආනයනය කිරීමේදී පනවා තිබූ විශේෂ වෙළඳ බද්ද කිලෝවකට රුපියල් 75 සිට රු 25 දක්වා අඩු කරනු ලැබූයේ ත්‍රිපෝෂ නිෂ්පාදන සමාගම සඳහා ආනයනය කරන බඩ ඉරිඟු සඳහා පමණක් වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා අවස්ථා හිමිවූ 57 වන කණ්ඩායම ලෙස රැකියා ලාභීන් විසිතුන් දෙනෙකු වෙත ගුවන් ටිකට්පත් ප්‍රදානය කිරීම, කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් (19 දින) ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී සිදුවිය.
පාසල් පද්ධතියේ කාලීන තත්වය පිළිබඳ සළකා බැලෙන පුළුල් සාකච්ඡාවක් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් අදාළ සියලූ මාණ්ඩලික නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවැත්විණ.