ඉදිරි විදුලිබල ජනන සැලසුම තුළ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති ආයෝජනයන් දිරිමත්කිරීම සහ ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් පසුගිය සතියේ හඳුන්වාදුන් විදුලිය මිලදී ගැනීමේ නව මිල සුත්‍රය පිළිබඳව අදාළ පාර්ශව දැනුවත් කිරීම ( ඊයේ 10) විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
රටේ අනාගතය වෙනුවෙන්, සරල, ශක්තිමත්, යාවත්කාලීන වූ කම්කරු නීති පද්ධතියක් ගෙන ඒම සඳහා පූර්ණ සහාය ලබා දීමට ශ්‍රී ලංකා නීතීඥ සංගමය එකගතාවය පලකර සිටී.
නාවික කේන්ද්‍රස්ථානයක් වශයෙන් මෙරට තිබෙන පැරණි නීති සංශෝධනයන් කළ යුතු බවත් , අනතුරු වළක්වා ගන්නා නාවික මධ්‍යස්ථානයක් බවට ශ්‍රී ලංකාව පත් කළ යුතු බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද(10) පාර්ලිමේන්තුවේදි පැවසීය.
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 ව්‍යවස්ථාව අනුව 2023 මැයි 08 දින “දේශීය ආදායම් (සංශෝධන)” පනත් කෙටුම්පතෙහි සහතිකය සටහන් කරන ලද බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (10) පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.