බස්නාහිර සහ සබරගමුව පළාත්වල, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
විගණන සේවා කොමිෂන් සභාව සඳහා අභිනවයෙන් පත් කරන ලද සාමාජිකයෝ අප්‍රේල් 09 වැනිදා පාර්ලිමේන්තුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ.
මෙරට කර්මාන්ත සඳහා ආරක්ෂණවාදී ප්‍රතිපත්තියක් අඛණ්ඩව ක්‍රියාවට නැංවිය යුතු බව කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.
සැපයුම් හා ද්‍රව්‍ය කළමණාකරණ ආයතනයේ (ISMM) හා කර්මාන්ත ක්ෂේත්‍රය තුළ සැපයුම් හා ද්‍රව්‍ය කළමණාකරණය පිළිබද අවබෝධතා ගිවිසුමකට කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතා (11) අවබෝධතා ගිවිසුමකට එක් විණි.