ලොව සෑම රටක්ම මේ වන විට ගෝලීය ආර්ථික අර්බුදයට මුහුණපා සිටින බව පෙන්වා දෙන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එම තත්වය හමුවේ මෙරට ජනතාවට සහන සලසන්නේ කෙසේද යන්න පිළිබඳව අවධානය යොමුකර තිබෙන බව මාලිගාවත්ත දාරුස්සලාම් මහා විද්‍යාලයේ පැවති උත්සවයකදී පැවසීය.
මාලිගාවත්ත දාරුස්සලාම් මහා විද්‍යාලයේ නව ගොඩනැගිල්ල විවෘත කිරිම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (19) දින සිදු කෙරිණි.
පසුගිය දා රු. 5.00 කින් ඉහළ දමන ලද පාන් ගෙඩියක මිල, විෂ්‍යභාර අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා සමග පැවති සුභවාදී සාකච්ඡාවකින් අනතුරුව ඉදිරි දින කිහිපය තුළදී පෙර පැවති මිල දක්වා රු. 5.00 කින් පහත හෙළීමට තම සංගමය ට හැකි වන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ.ජයවර්ධන මහතා පවසයි.
මෙතෙක් විවාහ නොවී පවුල් කෑ අඹු සැමි ජෝඩු 100ක් යානයේ දී විවාහ කර දීමට ස්වදේශ කටයුතු අමාත්‍යාංශයට හැකිවූ බව අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි.