2015 වසරෙන් පසුව තොරතුරු දැනගැනීමේ අයිතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් මූලික අයිතිවාසිකමක් ලෙස පත් කොට තිබෙන බවත් රටේ නීතිය අනුව සෑහෙන ප්‍රමාණයක් ලබා දිය හැකි තොරතුරු තිබෙන බවත් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ සුදර්ශන ගුණවර්ධන මහතා පවසයි.
රජය විසින් පසුගිය දා සීනි මත පනවන ලද තීරුබදු ගාස්තු නිසා සීනි සිල්ලර මිලෙහි කිසිඳු වෙනසක් සිදු නොවන බව ප්‍රධාන පෙලේ සීනි ආනයනය කරන සමාගමක අධ්‍යක්ෂවරයෙකු වන කිංස්ලි පල්ලියගොඩවිතාන හා සීනි ආනයනය කරන ව්‍යාපාරයේ හවුල්කරුවෙකු වන කසුන් ආන්ද්‍රාහෙන්ද්‍රි යන මහත්වරුන් පවසයි.
රුපියලේ අවපාතය, ආර්ථිකයේ කඩා වැටීමක් හැටියට පෙන්වීමට ඇතැම් අය උත්සහ කරන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.
සීනි සඳහා පැනවූ බද්ද කිසිසේත් පාරිභෝගිකයා මත පැටවීමට කටයුතු නොකරන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පාර්ලිමේන්තුවේදී අද (20) ප්‍රකාශ කළේය.