2018/19 මහ කන්නයේ පොහොර නිකුත් කිරිමේ ජාතික වැඩසටහන ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව දැනුවත් කිරිමේ විශේෂ වැඩසටහනක් හෙට (07) දින පෙ.ව. 9.30 ට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී පැවැත්විමට කටයුතු සංවිධානය කොට ඇත.
එක්සත් ජාතික පක්ෂයේ 72වන සංවත්සර සැමරුම අද (6) අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙයි.
පොදු විපක්ෂයේ "ජනබලය කොළඹට” විරෝධතාවය සම්පූර්ණයෙන් ම අසාර්ථක වූ මහජනතාව පීඩාවට පත් කළ නොගැලපෙන වැඩක් බව රජයේ මැති ඇමැතිවරු පවසති.
වත්මන් රජය අධිකරණයට බලපෑම් නොකරන බවත් විශේෂ මහාධිකරණයක් පිහිටුවනු ලැබු බවත් තවත් මහාධිකරණයක් ළඟදීම පිහිටුවන බවත් අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (5)පාර්ලිමේන්තුවේ දී පැවසී ය.