ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ පවුලේ කිසිදු සාමාජිකයෙක් හෝ සමීප ඥාතියෙක් ලෙස සැලකෙන කිසිදු පුද්ගලයෙක් ශ‍්‍රී ලංකා විදේශ සේවයට සම්බන්ධ වී කටයුතු නොකරන බව ජනධිපති මාධ්‍ය ඒකකය සඳහන් කරයි.
වයඹ පළාතේ ජනතාවගේ දීර්ඝකාලීන දුක්ගැනවිල්ලක් වූ වයඹට ජලය ඉල්ලා හැඬූ කඳුළු කථාව නිමාකරමින් එම ජනතාවගේ ජල අවශ්‍යතා සම්පූර්ණ කිරීමේ දැවැන්ත ව්‍යාපෘතිය මේ වන විට ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ මගපෙන්වීමෙන් කි‍්‍රයාත්මක කෙරේ.
විශ්වවිද්‍යාලවල හා උසස් අධ්‍යාපන ආයතනවල නවක වදය සිදුකරන අයට එරෙහිව 1998 අංක 20 දරණ නවක වදය තහනම් කිරීමේ පනත යටතේ දැඩි දඬුවම් පැමිණවීමට කටයුතු කරන බව අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.
වත්මන් රජයේ අයවැය යෝජනාවකට අනුව 1989 හා 1992 වසර වල ආනයනය කරන ලද දැනට භාවිතයෙන් ඉවත්කර ඇති දුම්රිය මැදිරි 200ක් පුර්ණ පහසුකම් සහිතව නවීකරණය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත.